☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"ගුඩ් මෝර්නින් ඔම්මා!"
ජිමින් දුවගෙන ගිහින් කිචන් එකෙ එළවළු කපමින් හිටපු යේජිව තදින් බදාගත්තා.
"මෝර්නින් බබා. ඉතින්, කොහොමද ඔයාගෙ අලුත් ජොබ් එක?"
මොහොතකට ජිමින්ට අවදානය දුන්නත් කෑම වේල පරක්කු කරන්න බැරි නිසා යේජි එයාගෙ වැඩේ දිගටම කරගෙන ගියා.
"ඒක නම් කියලා වැඩක් නෑ ඔම්මා. දවසින් දවස හරිම ඉන්ට්‍රෙස්ටින්."
සතියකට පස්සෙ ජිමින් එයාගෙ ඔම්මාට වාර්තාව සපයන්න ලෑස්ති උනා.
"පළවෙනි දවස ගැන ඇත්තටම කියන්න දෙයක් නෑ. දෙවනි දවසෙ මම ගොඩක්ම සප්‍රයිස් උනේ මගේ මේසේ උඩ තිබුනු කොල කෑල්ලට."
"මොකද්ද එකේ තිබ්බේ?"
"මම නිසා අර නසරානි හිතුවක්කාර රස්තියාදු කොල්ලාගෙ කෙල්ල එයාව දාලා ගියාලු."
යේජි එයාගෙ කටට අපු හිනාව හිර කරගත්තෙ ජිමින්ගෙ කතාව අවසානයට ඔක්කොම එළියට දාලා එක පාර හිනා වෙන්න හිතාගෙන.
"ඉතින් ඉතින්?"
"ඉතින්, තුන්වෙනි දවසෙ මගෙ පුටුවේ බබල්ගම් එකක් අලවලා තිබුනා. හතරවෙනි දවසෙ රබර් නයෙක් පාපිස්ස උඩ තිබුනා. වාසනාවට ඌගෙ ටැග් එක කඩලා තිබුනේ නැති නිසා මට බය වෙන්න හිතුනේ නෑ. පස්වෙනි දවසෙ පර්ස් එක ඇතුලෙ ස්ලයිම් එකක් දාලා තිබුනා.
හයවෙනි දවස අදනෙ ඔම්මා."
මීට වැඩිය දිග වාර්තාවක් ලැබෙයි කියලා බලාගෙන හිටපු යේජිගෙ ඇස් වලට එබෙන ගමන් ජිමින් පැහැදිලි කලා. කතාවේ අන්තිම හරිය වෙනකොට යේජිගෙ මූණ තිබුනේ ලුණු ඇඹුල් වැඩි වුනු සම්බෝලයක් කැවිලා වගේ.
"ඔයා චාන්ස්ලර්ට කම්ප්ලේන් කරේ නැද්ද ජිමිනි?"
"ඔයා කියන්නෙ අර නාකි මනමාලකම් දාන්න එන චාන්ස්ලර්ට?"
ඒ පාර යේජිගෙ කට මිරිකලා විසි කරපු දෙහි ලෙල්ලක් වගේ උනා.
"එයා ගැන කාටද ඔම්මා කම්ප්ලේන් කරන්න කියන්නෙ?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionStop, now watching and study for your test... Your parents and boss hate me!