☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"කමෝන් ජිමිනි! එයාලා ආවා."
යේජි ජිමින්ව කොයි තරම් ඉක්මන් කරන්න උත්සාහ කලත් ඒකෙන් උනේ තවත් පරක්කු වුන එක විතරයි. ජිමින් එයාගෙ අලුත් සිල්වර් කලර් ඉයරින්ග්ස් දෙක දාගත්තට පස්සෙ පහලට යන්න සූදානම් උනා.
"ඔම්මා මම කොතනින්ද ඉඳගන්නෙ?"
පහලට ආපු ජිමින් යේජිගෙ කනට කිට්ටු වෙලා ප්රශ්න කරා.
"අප්පාට එහා පැත්තෙන් ඉඳගන්න."
ජිමින් ඉඳගත්තාට පස්සෙ හිස් වෙලා තියන පුටුවට එයාගෙ ඇස් යොමු උනා.
"සමාවෙන්න පුතාට කෝල් එකක් ආවා."
ජිමින්ගෙ ටු බී මදර් ඉන් ලෝව්ගෙ වචන වලට සුහදශීලී හිනාවක් සංග්රහ කරපු ජිමින්ගෙ ඇස් බිමට බර උනේ හැමෝගෙම අවදානය තමන්ගෙ දිහාවට තියෙන බව දැනගෙනයි. එතනින් එහාට ජිමින්ට ඇහුනෙ ලොකු ඝෝෂාවක් විතරයි. පැහැදිලිව කටහඬවල් වෙන් කරගන්න එයාට ඕන උනත් ඒක කරන්න පුළුවන් දෙයක් උනේ නෑ.
'ඔයාගෙ පුතා හරිම කාරුණාවන්තයි වගේ.'
'අපේ පුතාගෙ තද උවමනාවටයි හොයලා බැලුවේ. නැත්නම් අත අරින්නත් තිබුනා.'
'එයාගෙ තේරීම කවදත් ඉස්තරම් මිස්ටර් පාර්ක්.'
'ජිමින් මහාචාර්යවරයෙක් කියලා දැනගන්න ලැබුනා.'
'අපේ පුතාගෙ විශ්වවිද්යාලයෙ නෙමෙයි වෙන්න ඕන.'
'මම හිතාගෙන ඉන්නෙ පුතාට ඉක්මනට බිස්නස් බාරදෙන්න.'
~ කෝ මේ නල්ලමලේ පුතා?
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionStop, now watching and study for your test... Your parents and boss hate me!