♡ 11

170 60 0
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ගුඩ් මෝර්නින් බෝයිස්. කෝ අපේ කෙල්ලෝ ටික?"

ජිමින්ට අමාරුම කාලේ එන්නෙ ගත්තු නිවාඩු ඉවර වෙලා ජන්කුක් එක්ක විශ්වවිද්‍යාලයට දිනපතා පෙනී හිටින්න ගත්තම බව එයා දැනගෙන හිටියා වගේම අද ඒ දවසට මූණ දෙන්න වෙලා තිබුනා.

"ග්‍රවුන්ඩ් එකේ සර්. කවුද මන්දා අලුත් කොල්ලෙක් ඇවිත්. ලෙක්චරර් කෙනෙක්ද කොහෙද?"

එක ළමයෙක් නැගිටලා උත්තර දෙනකොට ජිමින්ට විනාඩි කීපයකට පස්සෙ ශාලවට ඇතුල් වුනු ජන්කුක් ගිහින් පිටිපස්සෙම තියෙන පුරුදු ආසනයෙන් වාඩි වෙලා දෙපැත්තෙ දෙන්නා එක්ක කියවන්න ගත්තා.

"අහම්.. පැණි හලන්න ගිහින්ද?"

"ඔව් සර්. එක්කගෙන එන්නද?"

තවත් ළමයෙක් ජිමින්ගෙ සේවයට ඉදිරිපත් වෙනකොට ජිමින්ගෙ හස්බන්ඩ් ඉන්නෙ මෙතන බව නොදන්න කොල්ලෝ දෙන්නා එන්නෙ ජිමින්ව දැලේ දාගන්න කියන එක ජන්කුක්ට තේරුම් ගියා.

"එපා එපා. කීයට හරි-"

"හායි ජිමින්.."

ජිමින්ට එයාගෙ වාක්‍ය සම්පූර්ණ කරන්න නොදී මැදට පැනපු කෙනා තමන්ව ඕනවටත් වඩා අඳුරනවා උනත් කාලෙකින් හමුනොවුනු නිසා හෝ විශ්වවිද්‍යාලය තුළ හමුවීම පුදුමයට කාරණයක් නිසා ජිමින් මොහොතකට ගොළු උනා.

"ටේහ්‍යුන්ග්!!"

විනාඩියකට පස්සෙ කෑගහගෙන ටේහ්‍යුන්ග්ව බදාගත්තු ජිමින් දිහා ජන්කුක් බලාගෙන හිටියේ කන් දෙක රතු කරගෙන.

~ කොහෙන් ආපු එකෙක්ද මේ?

කොල්ලෝ හැමෝම අමුතු විදියට ජිමින් දිහා බලනකොට කෙල්ලෝ ටික ශාලාව තුළට ඇවිත් වාඩි උනා. වෙලා තියෙන දේවල් දිගට හරහට තේරෙන්න ගන්නකොට ජන්කුක්ගෙ නපුරු බැල්මෙන් ගැලවෙන්න වගේ ජිමින් ටේහ්‍යුන්ග්ව ළමයින්ට අඳුන්වලා දුන්නා.

"ළමයි.. මේ මගේ හොඳම යාළුවා කිම් ටේහ්‍යුන්ග්. යුනිවර්සිටි එකට වැඩිපුරම එන්න අකමැති කෙනා වගේම යුනිවර්සිටි වයිස් චාන්ස්ලර්ගෙ පුතා. මට විනාඩියක් දෙන්න."

"හායි! ඔයාලා මාව එළියෙදි අඳුරගත්තනෙ?"

ජිමින් ටේහ්‍යුන්ග්ව ඇදගෙන ශාලාවෙන් පිටට එන්න ආවත් ටේහ්‍යුන්ග් ළමයින්ට ආචාර කරන්න අමතක කරේ නෑ.

"මොකෝ මේ කවදාවත් නැතුව?"

ටේහ්‍යුන්ග් විශ්වවිද්‍යාලයට කොයි තරම් අකමැතිද කියන්න දන්න ජිමින්ගෙ පුදුමය තවමත් අඩු වෙලා තිබුනෙ නෑ.

"පාර්ක් ජිමින්! තමුසෙ මැරේජ් එකක් අරගෙන මම දන්නෙත් නෑ?"

ජිමින්ගෙ අප්පාගෙන් පණිවිඩය ලැබුනු හැටියේ ටේහ්‍යුන්ග් ජිමින්ව සම්බන්ද කරගන්න උත්සාහ කලත් ජන්කුක්ගෙ ගෙදර දුරකතන භාවිතය ජිමින්ට තහනම් වෙලා තිබුනා. ඒකට හේතුව, පළවෙනි දවස් දෙකේ වගේම මංගල රාත්‍රියෙත් ජිමින්ගෙ දුරකතනය නොකඩවා වාදනය වීම.

"එක, මම ජෝන් ජිමින්. දෙක, මට එහෙදි ෆෝන් යූස් කරන්න තහනම්."

ජිමින් අහිංසක විදිහට කියලා දැම්මා. බිත්තිය අස්සෙ ඉඳගෙන ජිමින්ගෙයි ටේහ්‍යුන්ග්ගෙයි සංවාදයට ඇහුන්කම් දුන්නු ජන්කුක්ට හයියෙන් හිනා වෙන්න ඕන උනත් ඒක කරගන්න බැරි උනේ එයා හැංගිලා ඉන්න නිසයි.

කොහොම උනත් ඒ වචන වලින් ජන්කුක්ට එයාගෙ අනාගතයට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් ලැබුනා වගේම පාර්ක් ජිමින්ව ජෝන් ජිමින් විදියට පරිවර්තනය කරපු එක ගැනත් ආඩම්බරයක් ඇති උනා.

"මට අදම ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්- ඌප්ස්! හස්බන්ඩ්ව මීට් වෙන්න ඕන මිනී. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලවත් නැතුව මැරි කරපු එකම කෙනා ඔයා වෙන්න ඇති, ඇත්තටම."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ᴘɪᴇᴅ ᴘɪᴘᴇʀ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now