විනාඩි දහයක් යද්දි ජන්ග්කුක් කියපු හැමදේම ලෑස්ති වෙලා ඉවරයි, ඒව ඔක්කොම කාමරේට යැවුනයින් පස්සෙ අන්තිමේ දි එයත් කාමරේට ගිහින් දොර වැහුවා.
ජිමින් ගෙ ඇඳ ළගින් ම තියල තිබ්බ මේසෙක, ජිමින් කන්න ආසම කෑම ඔක්කොම වගේ තියල තිබ්බෙ වාඩි වෙන්න පුටුවකුත් එක්ක.
ජිමින්, ජන්ග්කුක් දිහා බලන් හිටියෙ කියුට් විදිහට කටත් හද හද හොඳටම ඔරවන ගමන්, ඒ මදිවට කුලප්පු වෙච්ච ගොනෙක් වගේ නහයෙන් දුම් දානවත් එක්ක.
"හේයි බේබි" ජන්ග්කුක් උපහාසෙට වගේ කිව්වෙ, එයාගෙ කොට හස්බන්ඩ්, එයාට දා ගෙන ඔරවද්දි.
"අපි කමු, නේද?" කෑම සුවඳ ඉව කර කර ඇවිත් පුටුවෙන් වාඩි වෙන අතරෙ ජන්ග්කුක් ඇහුවෙ තාමත් ඔරව ඔරව ඉන්න ජිමින් ගෙන්.
"හරි එහෙනම් මිස්ටර් අයින්ස්ටයින්, මට කරන ගෞරවයක් හැටියට මාව ලෙහුවා නම් එහෙම, මටත් කන්න තිබ්බ තමයි!" දත් මිටිත් කන ගමන් ජිමින් කිව්වෙ අත් ගැට ගැහල නිසා ජන්ග්කුක්ට ගහන්න බැරිකමට, බොරු හිනාවකුත් එක්ක.
"ටේගෙන් සමාව ගන්න, එතකොට මං ඔයාව ලෙහල දාන්නම්" ජන්ග්කුක් කිව්වෙ ජිමින් දිහාවත් නොබල කන අතරෙ.
"මට බෑ!!" ජිමින් ආයෙමත් කෑ ගැහුවෙ උගුර යටින් ම ගොරවන ගමන්.
ජිමින් ගෙ උගුර නම් දැනටමත් ගන්න දෙයක් නැතුව තිබ්බෙ, මේ වෙනකන් කරපු කෑ ගැහිල්ලෙ තරමට එයාගෙ උගුර පුදුම විදිහට වේදනාවෙන් ඇදුම් කන්න ගත්තා.
ජිමින් ගෙ බඩ කෑ ගහන සද්දෙ, ඔව් ඒක ජන්ග්කුක්ට හොඳට ම ඇහුනා, ඒත් කන් ඇහෙන්නැති මනුස්සයෙක් ගානට එයා නවත්තන්නෙ නැතුව ම කා ගෙන, කා ගෙන ගියේ ජිමින් කෑම දිහා බලා ගෙන තොල් ලෙව ක කා ඉද්දි.
"මං ඔයාට කවන්න ද?" ජන්ග්කුක් ඇහුවෙ බාගයක් ජෝක්, බාගයක් සීරියස් කට හඬකින්.
"ඔයාගෙ ඔය ජරා අත් වලින් කවා ගන්නවට වඩා මං මැරිල යන එක හොඳයි" ජිමින් කිව්වෙ ආයෙමත් දත් මිටි කන ගමන්, ලොකු ආඩම්බරේකින්.
මොන දේ උනත්,
ජිමින්ට බඩගිනියි, හොඳට ම කියන්නෙ හොඳටම බඩගිනියි.
YOU ARE READING
ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction✨️නැහැදිච්ච කොල්ලෙකුගෙයි, හැදිච්ච මහත්මයෙකුගෙයි අමුතු ම විදිහෙ ආදර කතාවක්...✨️