💕 25

730 214 143
                                    

"හේයි" ටේ ලාවට හිනා වෙලා කතා කරේ ජිමින් අමුතු විදිහට ටේ දිහා බලද්දි.

"හායි?" ජිමින් එයාගෙ අතේ තිබ්බ පොතත් වහල ටේ දිහා බලන් හිටියෙ ටේව විහිලුවට ගන්න හිතා ගෙන.

"ඔයා ගියෙ නැද්ද... දැන් පැය බාගෙකට විතර කලින් නේද යනව කියල ගියේ?"

"මං ගියා... ඒත් කොහොමහරි මං ආයෙ ආවානේ..." ටේ කිව්වෙ ජිමින් කියව කියව හිටපු පොතට එකපාරම එයාගෙ ඇස් යද්දි.

"ඔයාටත් තියෙන්නෙ කුක්ගෙ ටේස්ට් එකමයි, එයත් ඔය පොතට ගොඩක් කැමතියි-"

"ඇත්තටම මේ පොත ජන්ග්කුක්ගෙ තමයි" ආයෙමත් පැත්තකින් තිබ්බ පොත අතට අරන් ජිමින් කතා කරා.

"මං එයාගෙ බඩු වගයක් අවුස්සද්දි, මං පොත් වගයක් හොයා ගත්තා. ඒත් ඒ හැම එකක්ම ආදරේ ගැන තීන පොත්, මං අහන්නෙ- ඇත්තටම? මං ඇත්තටම මෙහෙම දෙයක් ආමි එකේ හිටපු කමාන්ඩර් කෙනෙක්ගෙන් නම් බලාපොරොත්තු උනේ නෑ" එයා කතා කරේ එයාගෙ ඇස් ගිලෙන හිනාවෙන් හිනා වෙවී.

"ඇත්තටම කියනව නං එයා ආදරේ කියන වචනෙටත් වශී වෙලයි ඉන්නෙ, හරියටම බැලුවොත් ඇත්තම අවංක ආදරේට" ඇදේ ගැට්ටකින් වාඩි වෙලා ටේ කතා කරේ ඔහේ ඈත බලා ගෙන.

ඇයි කියල හේතුවක් දන්නෙ නැති උනත් මේක ජන්ග්කුක් ගැන කතාවක් නිසා එයාට මේ කතාව හරිම හිත ඇදේඒඒන කතාවක් වගේ දැනුනා. ඉතින් එයත් ටේගෙ එහා පැත්තෙන් හිමින් සැරේ වාඩි වෙලා කතාව අහ ගෙන හිටියෙ එයාගෙ රෝස තොලකුත් හපා ගෙන.

"අපි පොඩි කාලේ ඉදන්ම, හරියට... මං කිව්වෙ මේ... ම- මං මේ පවුලට ආපු දවසෙ ඉදන්ම..." ටේ හිනා වෙලා ආයෙමත් එයාගෙ කතාව පටන් ගත්තෙ එක ක්ෂණයකට එයාගෙ ඇස් ජිමින්ට යොමු වෙලා ආයෙමත් එයාගෙන් අයින් වෙද්දි.

"එයා තමයි හැම වෙලේම සුරංගනා කතා ගැනයි, happy endings ගැනයි විශ්වාස කරේ. හරියට අවසානෙදි හැමෝම එකට සතුටින් ජීවත් උනා වගේ කතා වලට. ඔම්මටයි අප්පටයි එයාට ඇත්ත තේරුම් කරවන්න ඕනෙ උනත්, එයාගෙ හීනෙ ලොකේ එයා ගොඩක් සතුටින් ජීවත් උනා. ඇත්තටම කියනව නං මාත් ඒකට ගොඩාක්ම කැමති උනා. හැමදාම අපි දෙන්නා හිටියෙ මේ ලෝකෙ හොදම සහෝදරයො දෙන්නා වගේ. ඒ වගේම තව කියනව නං, මේ ලෝකෙ වගේම දිය කිදුරියො, මුහුදු මංකොල්ලකාරයො, කුමාරිකාවො ගැන හීන දැක දැක, ඒව හොය හොය හීන ලෝකෙකත් ජීවත් වෙච්ච හොදම රහස් පරීක්ෂක කණ්ඩායමක් අපි දෙන්නා" ටේ එයාගෙ පරණ මතකයන් ඇවිස්සුවෙ මූ⁣ණෙ ඇදිච්ච ලස්සන හිනාවකුත් එක්ක.

ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now