ජිමින් එකපාරම නින්දෙන් බය වෙලා ඇහැරුනා. එයා වටේම හැරිල බලද්දියි ඇඳේ එහා පැත්තෙ ඉදන් එයා දිහා බලන් ඉන්න ජන්ග්කුක්ව දැක්කෙ, ඒත් එයා ජිමින් නැගිට්ටා කියල දකිද්දිම එයා ළඟට තව ටිකක් ළං උනා."හේයි... ඔයා හොඳින්ද?" ජන්ග්කුක් ඇහුවෙ ජිමින් ගැන කලබල වෙලා.
එයා දැකපු නරක හීනෙත් එක්ක ජිමින් හිටියෙ කියා ගන්න බැරි තරම් බය වෙලා, එයා ඒ බය පිරිච්ච ඇස් වලින් ජන්ග්කුක් දිහා බලන් හිටියා. එයාට මොනවහරි කියන්න ඕනෙ උනා, එයාට ඇත්තටම මොනවමහරි දෙයක් කියන්නම ඕනෙ උනා, ඒත් ඒ මොනවද කියන්න එයා දැනන් හිටියෙ නෑ. එයා කට ඇරියත්, එයාගෙ කටින් එක වචනයක්වත් පිට උනේ නෑ, එයා උත්සහ කරා... ඒත් බැරි උනා. තාමත් හයියෙන් හුස්ම ගන්න අතරෙ එයාට බයටම කෙළ ගිලුනා.
"හැමදේම හරි..." හිමින් මුමුණපු ජන්ග්කුක්, ජිමින්ව පරිස්සමින් එයාට තුරුල් කර ගත්තා.
"මොනවත් කියන්න ඕනෙ නෑ... හැමදේම හරි..."
ජන්ග්කුක්ගෙ අත් අතරෙ ඉද්දි, ජිමින් එයාගෙ පුංචි අත් අතරට ජන්ග්කුක්ගෙ ශර්ට් එක මිරික ගත්තා, එයා එයාගෙ ඇස් දෙකත් පියා ගත්තා, එතකොටයි එයා එයාව ආයෙමත් දැක්කෙ, ජේමින් තාමත් එතන හිටියෙ ජිමින් දිහා බලා ගෙන කට කොනින් හිනා වෙන අතරෙ, ජිමින් ඒ දේට ගොඩාක් වෛර කරා.
එයා කලින්ටත් වඩා හයියෙන් හුස්ම ගන්න ගත්තා, ඒත් අන්තිමේදි... ඒ රූපෙ ඒත් මැකිල නොයද්දි, එයා එයාට එයාගෙ මුලු ජීවිත කාලෙ පුරාවටම කරන්න ඕනෙ වෙලා තිබ්බ ඒ දේ කරා... එයා කෑ ගැහුවා... කලින් කවදාකවත් කෑ ගහල නැති තරම් හයියෙන් එයා කෑ ගැහුවා. තාමත් ජන්ග්කුක්ගෙ අත් අතරෙ එයාව වෙවුලනවා, එයා අඬනවා, ඉකි ගහනවා. ජන්ග්කුක්ගෙ ශර්ට් එකෙන් ඇද ඇද ජිමින් කෑ ගහද්දි, ජන්ග්කුක් එයාව අත් අතරෙම තියා ගත්තා, එයා එයාව පරිස්සමින් එයාගෙ අත් අතරෙම තද කරල තියා ගත්තා.
ජන්ග්කුක් එයාට කෑ ගහන්න දුන්නා, එයාගෙ ශර්ට් එක අදින්න දුන්නා, එයා ජන්ග්කුක්ව තල්ලු කරල දාන්න හැදුවත්, එයාගෙ අත් කකුල් එහෙ මෙහෙ විසි කර කර දැගලුවත්, ජන්ග්කුක් එයාව අතෑරියෙ නෑ... එයා, ජිමින්ව, එයාගෙ අත් අතරෙ පරිස්සම් කර ගත්තා. එයා ජිමින් එයාටම රිද්ද ගනියි කියල බය උනා, ජිමින් කොච්චර දැගලුවත් ජන්ග්කුක් ජිමින්ගෙ අත් දෙකම එකතු කරල, එයාගෙ එක අතකින් අල්ල ගෙන, ජිමින්ව ආයෙමත් එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.
YOU ARE READING
ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction✨️නැහැදිච්ච කොල්ලෙකුගෙයි, හැදිච්ච මහත්මයෙකුගෙයි අමුතු ම විදිහෙ ආදර කතාවක්...✨️