💕 07

837 233 58
                                    


________________________________________


"වැඩ කරන මුලු ඔක්කොම කට්ටිය විස්සයි, එතනින් දහයක් ගෑනු අය, දහයක් පිරිමි අය. එතනිනුත් දොළහක් පරණ ම අය, එතකොට හරියට ම අට දෙනෙක් විතරයි අලුතින් වැඩට ආපු තරුණ අය. පාර්ක් ල එයාලගෙ පවුල් ගැනත් හැමදෙයක් ම හොයල බලල, එයාලට උදවු කරනවා" 

නාම්ජූන් කිව්වෙ, කෝපි එකක් බි බී හිටපු ජන්ග්කුක් ඒක අනුමත කරන්න ඔලුව වනද්දි.

යාලුවො දෙන්නා කැෆේ එකක වාඩි වෙලයි හිටියෙ. දැනටමත් දවල් දොළහ වෙන්නත් ළඟයි, ජන්ග්කුක් උදේ පාන්දරම නාම්ජූන් ට කතා කරේ විස්තර වගයක් දැන් ගන්න ඕන උනු නිසා.

"ඉතින්, එයාල ජිමින් ගැන මෙච්චරට ම වද වෙන්න හේතුව, එයාලගෙ පවුලට සලකපු හින්දම ද... එයා ඉපදිච්ච දවසෙ ඉදන් ම?"

ජන්ග්කුක් ඒක ඇහුවෙ තමාගෙන් ම වගේ උනත්, නාම්ජූන් කොහොම උනත් උරහිස් ඇකිලුවා.

"හොඳයි, අනිත් හැමදේම එක්ක බලද්දි අපිට හිතන්න පුලුවන් එහෙම තමයි"

නාම්ජූන් කිව්වා.

"මං ඔයාගෙන් අහපු අනිත් ඒවා ගැන මොකද?"

ජන්ග්කුක් ඇහුවෙ එයා වාඩි වෙලා හිටපු තැනෙනුත් ටිකක් ඉස්සෙන ගමන්.

ඔලුව වනපු නාම්ජූන්, එයාගෙ බෑග් එක ඇරල එළියට ගත්ත ෆයිල් එකක් ජන්ග්කුක් ගෙ අතට දුන්නෙ, ඒක අරින ගමන්ම යි.

"මේකෙ ඔක්කොම විස්තරයි, ඔයාට ඒකට ඕනෙ අවසරෙත් තියෙනවා. එයාගෙ කින්ඩර්ගාට්න් ඉදල අට වෙනකනුයි, එයා ගෙදර ඉදන් ඉගෙන ගත්ත අවුරුද්දක් වගේ ඇතුළත කාලෙ විස්තරයි. ඊටපස්සෙ එයා ඒකත් නවත්තල තියෙනවා"

නාම්ජූන් ආයෙමත් උරහිස් අකුලද්දි, ජන්ග්කුක් ඔලුව වැනුවෙ එයාගෙ පුරුදු හැඟීමක් නැති මූණෙන්.


________________________________________


"ආආආආආහ්හ්හ්හ්හ්හ්හ්හ්!!!"

ජන්ග්කුක් මැන්ශන් එකට අඩිය තියද්දි ම එයාට ඇහිච්ච පළවෙනි ම දේ, මේ උච්ච ස්වරයෙන් ගිරිය යටින් කෑ ගහන සද්දෙ, ඒත් එක්කම පොළවෙ ගහන සද්ද, කුඩු වෙන සද්ද, හැමදෙයක් ම එකතු වෙච්ච ලොකු කාලගෝට්ටියක සද්දෙ ජන්ග්කුක්ට ඇහුනා.

ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOù les histoires vivent. Découvrez maintenant