ජන්ග්කුක් ලොකුම ලොකු පාර්ක් මැන්ශන් එක ඇතුලට දුවන් ගියේ පිස්සු හැදිච්ච මනුස්සයෙක් ගානට. ඒක නං තනිකරම පිස්සුවක්.කාලෙකට පස්සෙ ආයෙමත් වීදුරු බිඳෙන සද්දෙ, යටිගිරියෙන් ආවේස වෙලා වගේ කෑ ගහන සද්දෙ ඇහෙන ජිමින්ගෙ කාමරේ එලියෙ මුලු මැන්ශන් එකේම සෙනග එකතු වෙලා හිටියා. ජන්ග්කුක් පුලුවන් ඉක්මනින්ම පඩිපෙළ නැගල නැගල ජිමින්ගෙ කාමරේට දිව්වා නෙවෙයි පියෑඹුවා.
"දෙයියනේ ඇති යන්තන්... මෙන්න මෙයා ඇවිල්ලා!!" ජන්ග්කුක්ව දැක්ක ගමන් ලොකූ හුස්මක් හෙලපු ටේ ඊළඟට බැලුවෙ එයාලට පිටුපාලා අතේ තිබ්බ තව මල් පෝච්චියක් බිත්තියට ගහල කෑලි කෑලි කරන්න බලන් හිටපු පොඩි යස්සයා දිහා.
"ජිමීඊඊන්!!! මෙන්න ජන්ග්කුක් ඇවිල්ලෝ!!!" පපුවට ලොකු හුස්මක් පුරව ගත්ත ටේ මහ හයියෙන් කෑ ගැහුවෙ ජිමින්ව එකපාරම හිටපු තැනම ගල් වෙද්දි.
ටේගෙ කෑ ගැහිල්ලත් එක්ක මුලු මැන්ශන් එකම මීයට පිම්බා වගේ පුංචිම සද්දයක්වත් නැති වෙලා යද්දි, ජිමින් හිමීට පිටිපස්ස හැරුනා.
ජන්ග්කුක් දැක්කෙ අඬල අඬලම ඉදිමිලා රතු වෙලා තියෙන ජිමින්ගෙ ඇස්, එයාගෙ ඇස් වලින් තාමත් එකදිගටම ඔහේ ගලන් යනවා, ඒ කේන්තියට ගලන කදුළු. ඒත් කදුළු වලින්ම බොඳ වෙලා ගිහින් තියෙන ඒ ඇස්, ජන්ග්කුක්ගෙ රූපෙ අදුන ගන්නවත් එක්කම එයාගෙ කේන්තිය කොහෙන් ගියාද කියල හොයා ගන්නවත් නැති වෙද්දි, තවත් හිට ගෙන ඉන්නවත් කකුල් එයාට හයියක් නොවෙද්දි, එයා තවත් අඬා වැටෙද්දි එයාව බිම දණ ගැස්සුනා.
"ජිමින්!" එයාගෙ සපත්තු වලට බිම තිබුන වීදුරු තවත් කුඩු වෙද්දි, එයා ජිමින් ළඟටම ඇවිදන් ගිහින් දණහිස් නවා ගෙන ජිමින් තරමටම පාත් උනා.
තුනී කමිසෙකට, ශෝට් එකක් ඇදන් හිටපු ජිමින්ගෙ දණහිස් තුවාල වෙලා තියෙන විදිහ ජන්ග්කුක් හොදටම දැක්කා.තාමත් නවත්තන්නෙ නැතුව අඬන ජිමින්ව පරිස්සමින් එයාගෙ අත් අතරට ගත්ත ජන්ග්කුක් හිමින්, තවත් පරිස්සමින් එයාව ඇඳ උඩින් තිබ්බා.
ටේ එක තප්පර ගානක් බලන් හිටියෙ මේ කියුට් කපල් එක දිහා. ඒත් එක්කම සිහියට ආපු ටේ ආපස්සට හැරිල එකතු වෙලා හිටපු මුලු ඔක්කොටම හිමින් සැරේ විසිරෙන්න කිව්වා. ඔක්කොම යනකන් ඉදලා අන්තිමේදි එයත් දොර වහලා දාල එතනින් යන්න ගියා.
YOU ARE READING
ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction✨️නැහැදිච්ච කොල්ලෙකුගෙයි, හැදිච්ච මහත්මයෙකුගෙයි අමුතු ම විදිහෙ ආදර කතාවක්...✨️