"ආ... මෙන්න තියෙනවා" නාම්ජූන් කිව්වෙ, ජන්ග්කුක්ගෙ අතට ජිමින් ගෙ ඉස්කෝලෙ ඇඩ්මිශන් පේපර්ස් බාර දෙන ගමන්.
ජන්ග්කුක් හුස්මක් හෙලුවෙ, ඒ ටික හොඳට බැලුවයින් පස්සෙ. ඇත්තටම ඒකෙ තියෙන්නෙ තුන වසර ගැන.
"එහෙනං එයා මොන එහෙකටද මේ විදිහට බොරු කියන්නෙ?!" ජන්ග්කුක් කළකිරීමෙන් කෑ ගැහුවෙ ඔලුවත් මේසෙ හප්ප ගන්න ගමන්.
"එයත් කාලයක් දුප්පත් වෙලා හිටිය කියන එක පිළි ගන්න එයා අකමැති ඇති" උරහිසුත් අකුළල නාම්ජූන් කිව්වෙ වෙන්න පුලුවන් එකම දේ ඒක නේද කියල මතක් වෙද්දි.
"ඒත් හියුන්ග්, ඔයා දන්නවනෙ කවුරුහරි බොරුවක් නම් කියන්නෙ ඒක මට තප්පරයක් යද්දි අල්ල ගන්න පුලුවන්. මාව විශ්වාස කරන්න, එයා බොරුවක් නම් නෙවෙයි කිව්වෙ" ජන්ග්කුක් කිව්වෙ, ජිමින් ගෙ ඇස් ආයෙමත් එයා ඉස්සරහ මැවිල පෙනෙද්දි.
"සමහර වෙලාවන්ට ගුරුන්ටත් අකුරු වරදිනවා කුක්" ජන්ග්කුක්ගෙ පිටටත් තට්ටුවක් දාන ගමන් නාම්ජූන් කිව්වා.
"ඉතින් දැන් මොනාද මං කරන්න ඕනෙ?" කරන්නෙ මොනාද කියලවත් හිතා ගන්න බැරුව අතරමං වෙලා ඉද්දි, ජන්ග්කුක් උදවු ඉල්ලුවෙ නාම්ජූන් ගෙන්.
"එයාව දුප්පත් කරවන්න" මූණෙ ඇදිච්ච ආඩම්බරකාර හිනාවකුත් එක්ක නාම්ජූන් කිව්වෙ, ඒක කට කොනේ හිනාවකට පෙරලෙද්දි.
මුලින් ම කියපු එක හරියට නොතේරුනත්, කියපු දේ හරියටම තේරුනාම ජන්ග්කුක්ගෙ මූණ එළිය උනේ බලන් ඉද්දි.
"හරි මට තේරුනා" ඔලුවත් වනපු ජන්ග්කුක් කිව්වෙ ආයෙමත් නාම්ජූන් දිහා බලන ගමන්.
"මට තව උදවුවක් කරල දෙන්න පුලුවන් ද?" ජන්ග්කුක් අහද්දි, නාම්ජූන් ඔලුව වැනුවෙ ඔව් කියන්න.
"පාර්ක්ල පෝසත් වෙන්න කලින් එයාලගෙ පවුලෙ විස්තර දැන ගන්න ඕනෙ මට. හරියට ජිමින් තුන වසර පටන් ගන්න කාලෙ... ඒ කාලෙ හැම විස්තරයක්ම වගේ"
_____________________________________________
කට ඉරක් කරන්, ඇස් දෙකත් පුංචි කරන්, කම්මුල් බෝල කරල අමුතු විදිහට හිනා වෙවී ජන්ග්කුක් කෙලින්ම ඇවිදන් ගියේ එයාලගෙ කාමරේට. එයාගෙ අත් දෙකේ තිබ්බෙ කිම්චි බාජන දෙකක්, එකක් එයාගෙ ආදරණීය හස්බන්ඩ්ට, අනිත් එක ඉතින් ආයෙ වෙන කාටද, එයාට.
YOU ARE READING
ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction✨️නැහැදිච්ච කොල්ලෙකුගෙයි, හැදිච්ච මහත්මයෙකුගෙයි අමුතු ම විදිහෙ ආදර කතාවක්...✨️