හේසු නිවාසෙට ඇවිත් ගායල් එක්ක උදේ ඉදන් උන හැමදෙයක්ම අකුරක් නෑර කිව්වේ අඬ අඬ
ගායල්ට කිසිම දෙයක් හිතාගන්න බැරුව හේසු දිහා බයවෙලා බලාගෙන හිටියා..🌻 " එතකොට දැන් උබ කියන්නෙ මිස්ටර් කිම් ටේහ්යොන් උබට ලව් කියලද? 😳 උබලා දෙන්නා සෙට් කියලද? "
🌹 " ම්ම්ම් "
🌻 " ඕ මයි... හාටු... මට මේක දරාගන්න බෑ මගෙ අම්මො 😳 මාව කොනිත්තපන් හේසු "
🌹 " ගායල්... ඔයා මාව තවත් බය කරනවා අනේ "
🌻 " එච්චර ලොකු සල්ලිකාරයෙක් යකො උබට ලව්. මට නිකන් කලන්තෙ වගේ "
🌹 " අනේ නිකන් ඉදපන්කො "
🌻 " ඒ එතකොට උබ කිව්වේ අර ඒමී කියලා කෙල්ලෙක් ගැන"
🌹 " මම හිතුවට ඒ දෙන්නා අතරෙ එහෙම දෙයක් නෑ බන්. ඒමී කෙසේවෙතත් ටේහ්යොන්ගෙ හිතේ නම් එහෙම දෙයක් නෑ කියලා අද දැනගත්තා "
🌻 " උබ මුල් දවස් ටිකෙ කිව්වේ උන් දෙන්නා ඉන්නෙ කපල් එකක් වගේ කියලනෙ "
🌹 " එකපාරටම දකින කෙනෙක්ට හිතෙන්නේ එහෙම තමයි බන් ඒත් එහෙම එකක් නෑ. ඒත් මට හිතෙනවා... "
🌻 " මොකක්ද? මොකක්ද උබට හිතෙන්නේ? "
🌹 " ඒමී ටේහ්යොන්ට ආදරෙයි "
🌻 " ම්වෝ? මොකක්ද උබ කිව්වේ? "
🌹 " ම්ම්ම් ඔව් මම දන්න විදියට ඒමී අනිවාර්යයෙන්ම ටේහ්යොන්ට ආදරෙයි "
🌻 " උබ කිව්වේ එහෙනම් උන් දෙන්නා යාළුවො විතරයි කියලා "
🌹 " එතන යාළුකමටත් වඩා ලොකු දෙයක් තියනවා ගායල් ඒමී ටේහ්යොන් වෙනුවෙන් කරන දේවල්, ඒවා නිකන්ම යාළුකමක් නිසා කරනවා කියලා හිතන්න බෑ "
🌻 " හරි හරි දැන් ඔය ඒමී බේමි මගුල් වැඩක් නෑනෙ බන් කොල්ලා ලව් උබටනෙ. එච්චරයිනෙ වෙන්න ඕනෙ "
🌹 " ම්ම්ම් ඔව් ඉතින් "
🌻 " අනේ අම්මො දැන්වත් සතුටින් ඉදපන් බන්. මට උබ ගැන ඇත්තටම සතුටුයි 🥺 උබ හැමදාම සතුටින් ඉන්න ඕනෙ. "
ගායල්ට ඇත්තටම හේසු ගැන සතුටු හිතුනා. ඒ කෙල්ල දන්න කාලේ ඉදන්ම හේසු විඳපු දුක ගායල් හොඳටම දැක්ක නිසා..
ගායල් ඇස්වලට ආපු කඳුළු පිහදාගෙන හේසුව තුරුල් කරගත්තා..
YOU ARE READING
🥀 TEARS 🥀 [ Completed ]
Fanfictionකිසිදා නොවින්ද - ආදරය වින්ද අපෙ පෙම් කතාව - මෙතනින් නිමයිද? 🥀