CHAPTER 19🥀

82 11 15
                                    

මුළු රෑම ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි නිදාගන්න කොච්චර ට්‍රයි කලත් ටේට හරියට නිදාගන්න බැරි වුනේ සැරින් සැරේ හිතේ සක්මන් කරන ඒමීගෙ මතක නිසා..
⁣ටේ කොච්චර ඒමීව අමතක කරලා ඉන්න හැදුවත් ටේට ඒක කරගන්න බැරි වුනා...
පැයගානක් කල්පනා කරලා අන්තිමට කොල්ලටත් නොදැනීම නින්ද යද්දි පාන්දර 3ත් පහුවෙලා..

ටේගෙ නින්ද පැය දෙක තුනකට වඩා ඇදුනෙ නැත්තේ ටේට ඒමීව හීනෙන් පෙනුන නිසා..
කොල්ලා ගැස්සිලා ඇහැරුනා..
ටික වෙලාවක් ඔළුවට අතගහගෙනම කල්පනා කරපු ටේ ඇඳෙන් බැහැලා බැල්කනි එකට ගියේ ආපහු පාරක් නිදාගන්න බැරි නිසා...

බැල්කනි එකේ පැත්තක බිමින් හාන්සි වුන ටේ දැනෙන සීතල ගනන් නොගෙනම අහස දිහා බලාගෙන කල්පනා කලේ මේ ටික දවසට එයාගෙ ජීවිතේ වෙනස් වුන විදිය...

හිතපු නැති විදියට හේසු ජීවිතේට ආපු එක..
හේසු නිසා තමන් කොච්චර වෙනස් වුනාද කියන එක..
සමහරවෙලාවට හේසු නිසා ඒමීව රිජෙක්ට් කරපු විදිය..
හේසු තමන්ව රවට්ටපු එක...
කවදාවත් ආපහු එන්නේ නැති තරමටම ඒමී තමන්ගෙන් ඈත් වුන එක...

ඒ හැමදෙයක් ගැනම ටේ කල්පනා කලා... කොල්ලටත් නොදැනීම ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුනෙ ටේ ලොකු හුස්මක් පිට කරද්දි...
ටේ එහෙම්ම ඇස් දෙක පියාගත්තෙ ඇඟ හිරිවැටෙන තරම් දැනෙන සීතල ගැනවත් හිතෙන්නේ නැතුව...
සීතල නිසා වේදනාවක් දැනුනත් කොල්ලගෙ හිතේ වේදනාව ඊට වැඩි වුනා...

🌸 " ඇතුලට යන්න ටේටු. ඔයා ලෙඩ වුනොත් ඔයා ළඟින් ඉන්න මට එන්න බෑ. චේබල් ඇතුලට යන්න "

ඇස් දෙක පියාගත්ත විනාඩි ගානට ඒමී ආපහු ටේගෙ හීනවලට ආවේ ටේ නින්දෙන්ම ලස්සනට හිනාවෙද්දි...
ටේ ටික වෙලාවක් ඒ විදියටම ඉඳලා නැගිටලා බාත්රූම් එකට ගියේ අද ඉදන් ඔෆිස් යනවා කියලා අප්පට පොරොන්දු උන නිසා...

ටේ ලෑස්ති වෙලා පුරුදු විදියටම ජේකේව හොයාගෙන ජේකේගෙ රූම් එකට ගියේ ජේකේව ඇහැරවන්න...
ටේ යද්දි ජේකේ හතරගාතේ දාලා හොඳට නිදි...
ටේ දෙපාරක් තුන්පාරක්ම ජේකේට කතා කලත් ජේකේ අනිත් පැත්ත හැරිලා නිදාගත්තෙ ඒක ජේකේගෙ විදිය නිසා...
කවුරු ඇවිත් මිනිහෙක් මැරිලා කිව්වත් ජේකේ නැගිටින්නෙ තමන්ට ඕනෙ වෙලාවට...
⁣එහෙම නැත්නම් ජේකේව ඇහැරවන්න ටේට යස්සයා මෝඩ් එකට කන්වර්ට් වෙන්න වෙනවා...

🥀 TEARS 🥀 [ Completed ]Where stories live. Discover now