ජේකේ කවර් එකට කඩලා ඇතුලෙ තිබුන පොටො එක එලියට ගත්තා..
ජේකේ පොටො එක දැක්කා විතරයි එතන තිබුන පුටුවෙන් වාඩි වුනේ කොල්ලගෙ කකුල් දෙක පණ නෑ වගේ දැනුන නිසා..🐰 " හ්යොන් මේ.. "
ටේ පොටො එක අතට අරන් බලලා ටේබල් එකට හයියෙන් එකක් ගැහුවෙ ජිමින් ගැස්සිලා යද්දි...
පොටො එකේ හිටියෙ ඒමී..
ඒමිගෙ පොටො එකෙ රතුපාටින් ලොකු කතිරයක් ගහලා තිබුනා...
ටේ දැනුන තරහා දරාගන්න බැරුව කොණ්ඩෙන් අදිද්දි තුන්දෙනාගෙම පෝන් වලට මැසේජ් එකක් ආවා.." ඕක පොඩි අනතුරු ඇඟවීමක් විතරයි. පුළුවන් නම් එයාව මගෙන් පරිස්සම් කරගන්න 😄 මහලොකු වැඩ්ඩො තුන්දෙනාට ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු "
කලින් මැසේජ් එක ආපු නම්බර් එකෙන්ම ඒ මැසේජ් එකත් ඇවිත් තියනවා දකිද්දි තුන්දෙනාටම ඒ කවුද කියලා අඳුනගන්න බැරි වුනේ නෑ..
ටේ මැසේජ් එක බලලා පෝන් එක පොලේ ගැහුවෙ කලින් ඉදපු ටේ ආපහු එලියට එද්දි...
හේසු නිසා යටගියපු ටේගෙ සමහර ගති ආපහු එලියට එන්න ගත්තෙ කේන්තිය දරාගන්න බැරුව..
ටේ හේසු නිසා ගොඩක් වෙනස් වුනා..
ඒ ටේට තරහා ගිය වෙලාවට කෙල්ල ළං වෙන්නවත් බය නිසා..
ටේ හේසු නිසාම කේන්තිය පාලනෙ කරගත්තෙ හේසුට තියන ආදරේට..
කෙල්ල බයේ ගැහෙනවා බලාගෙන ඉන්න ටේට බැරිවුනා..
ඒත් දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තෙ යුන්ගි නිසා...
යුන්ගි කරන්න හදන අලුත් සෙල්ලම නිසා...🐥 " ටේ අඩෝ කලබල වෙන්න එපා බන්. අපි මේකට මොකක්හරි කරමු "
🐯 " මම ඕකව මරනවා. ඇත්තමයි ජිමිනා මම ඕකව මරනවා ඒමීට සීරිමක් හරි වුනොත් මම ඕකව මරාගෙන මැරෙනවා "
මුළු රූම් එකම දෙදරලා යන්න ටේ කෑගහද්දි ජේකේ රූම් එකපුරා ඇවිද ඇවිද කරන්නෙ මොකක්ද කියලා කල්පනා කලා...
🐰 " හ්යොන් අපි ඒ මිනිහව හොයාගන්න ඕනෙ "
🐥 " කොහොමද? ඒ මිනිහා තාම එලියට ඇවිත් නෑ. කොහෙ ඉන්නවද කවුරුත් දන්නෙ නෑ. බිස්නස් බලාගන්නෙත් ඒ මිනිහගෙ දුව කියලා කියන්නෙ. "
🐰 " අපි ඒකිව උස්සමු "
🐥 " යා... කුකී උබ හදන්නේ ආපහු හැමදේම මුලට ගේන්නද? "
YOU ARE READING
🥀 TEARS 🥀 [ Completed ]
Fanfictionකිසිදා නොවින්ද - ආදරය වින්ද අපෙ පෙම් කතාව - මෙතනින් නිමයිද? 🥀