ඒමීගෙ හදිසි මරණයත් එක්ක ටේගෙ දිනචර්යාව සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ ටේගෙ ඔම්මා අප්පා පවා ටේ ගැන බය වෙද්දි...
ඒමී නැති වෙලා අදට සතියක්...
මේ සතියටම ටේ දවස ගෙව්වෙ ක්ලබ් වල..
ටේගෙ සීමාව පන්නලා ටේ ඩ්රීන්ක්ස් ගද්දි ටේව නතර කරන්න කිසිම කෙනෙක්ට බැරි වුනා..
ජේකේ ජිමින් කොච්චර තේරුම් කරන්න හැදුවත් ටේ ඒ කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් හොඳ මානසික මට්ටමක හිටියෙ නෑ...උදේම ගෙදරින් යන ටේ ඉස්සෙල්ලාම යන්නේ සෙම් එකට...සෙම් එකේ පැයගානක් ඔහේ ඉදගෙන බලාගෙන ඉදලා ක්ලබ් එකට යන්නේ හිතට දැනෙන වේදනාව අමතක කරන්න වුනත් ටේට ඒ දේවල් අමතක කරන්න බැරි වුනා..
ක්ලබ් වල ඉන්න එක එක ජාතියෙ කෙල්ලො ටේට ළං වෙන්න හැදුවත් ටේ ඒ එක කෙල්ලෙක්ටත් තමන්ට අත තියන්නවත් දුන්නෙ නැත්තේ ටේට ඒ හැම වෙලාවකම ඒමි මතක් වෙන නිසා...
මොනම දේකටවත් ටේගෙ මතකයෙන් ඒමීව අයින් කරන්න බැරි වුනා..වෙනදා වගේම උදේම ලෑස්ති වෙලා ටේ සෙම් එකට ගිහින් ඊලගට ගියේ ක්ලබ් එකට...
ජේකේ ටේගෙ පස්සෙන් ගාඩ් කෙනෙක් දැම්මෙ ටේ කොයිවෙලාවේ මොනාකරයිද කියලා කවුරුත් දන්නෙ නැති නිසා...
කොල්ලො දෙන්නටත් හැමවෙලාවකම ටේ ළගින් ඉන්න බැරි වුනේ ඔෆිස් දෙකක වැඩ බලන්න ඕනෙ නිසා...
ජිමින් හැමවෙලාවකම කිව්වේ ටේ වෙනුවෙන් ටේගෙ බිස්නස් පරිස්සම් කරන්න ඕනෙ කියලා...
කවදාහරි දවසක ටේ ආපහු ආවම බිස්නස් වැටිලා තිබුනොත් ටේට ඒක තවත් වේදනාවක් විතරක් වෙන නිසා කොල්ලො දෙන්නා පුළුවන් උපරිම විදියට බිස්නස් දෙක හැන්ඩ්ල් කලා..YN එකත් කරට කර කම්පැනි දෙකත් එක්ක තරඟ කරද්දි ගොඩක් වෙලාවට YN එකට උනේ අසාර්ථක වෙන්න..
ඒ ජේකේ ජිමින් දෙන්නගෙම වැඩ නිසා..ටේ ක්ලබ් එකට ගිහින් වෙනදා වගේම තමන්ගේ සුපුරුදු රාජකාරිය පටන්ගත්තා...
ටික වෙලාවක් යද්දි ඩාන්ස් ෆ්ලෝ එකේ හරිම හුරුපුරුදු රුවක් දකිද්දි කොල්ලා අතේ තිබුන ග්ලාස් එකත් අරගෙනම එතනින් නැගිටලා ඩාන්ස් ෆ්ලෝ එකට ගියා..ඒ හිටියෙ හේසු එහෙම නැත්නම් හේජින්..
හරි හරියට කොල්ලෙක්ගෙ ඇඟේ දැවටි දැවටි ඩාන්ස් කරන හේසු දැක්කාම ටේට ඉවසුම් නැති වුනා...
ටේ හේසු ළගට ගිහින් හේසුව ඇඳගෙන ක්ලබ් එකෙන් එලියට ආවේ හේසු අතාරින්න කියලා කෑගහද්දි...
YOU ARE READING
🥀 TEARS 🥀 [ Completed ]
Fanfictionකිසිදා නොවින්ද - ආදරය වින්ද අපෙ පෙම් කතාව - මෙතනින් නිමයිද? 🥀