CHAPTER 15🥀

62 8 6
                                    

Flashback

" ඕසනි මෙහෙම කරන්න එපා චේබල්. මාව අතාරින්න එපා. මට ඔයා නැතුව ඉන්න බෑ.. 🥺"

" මට තමුන් වගේ හිඟන්නෙක් කසාද බැඳලා දුක් විඳින්න බෑ "

යුන්ගි අඬ අඬ ඕසනිගෙ පස්සෙන්ම එද්දි ඕසනි යුන්ගිව ගනන් නොගෙනම කාර් එකේ නැගලා යන්න ගියා...
හිටපු තැනම බිම ඉඳගෙන යුන්ගි මහ හයියෙන් අඬන්න ගත්තෙ තමන්ගේ ආදරේ අහිමි වුන වේදනාවට...

යුන්ගි දුප්පත් පවුලක අහිංසක කොල්ලෙක්. ඕසනි සමා⁣ජයේ නම ගිය ලොකු බිස්නස් පවුලක එකම දුව...
කැම්පස් එකේදි දෙන්නගෙම ආදර කතාව පටන් ගත්තෙ ආදරේට තත්වය තරාතිරම අදාල නෑ කියන එක හැමෝටම මතක් කරවලා...
කැම්පස් එක පුරාම දෙන්නගෙ ආදර කතාව ප්‍රසිද්ධ වුනේ යුන්ගි කියන්නෙ කැම්පස් එකේ බාගයක් කෙල්ලන්ගෙ ක්‍රශ් එක නිසා..
කොල්ලා දුප්පත් වුනත් කොල්ලගෙ රූපෙ නිසාම කෙල්ලො කොල්ලට වහ වැටුනා...
කෙල්ලො කොච්චර පස්සෙන් ආවත් කොල්ලගෙ හිත නතර වුනේ අහිංසක ඕසනි ළඟ..

ඕසනිත් යුන්ගිට කැමැත්තෙන් හිටියෙ යුන්ගි කියන්නෙ ඇත්තටම හොඳ කොල්ලෙක් කියලා කෙල්ලට හිතුන නිසා...
කැම්පස් එක පුරාම ප්‍රසිද්ධ වුන මේ ආදර කතාව ඕසනිගෙ ගෙදරට ආරංචි වෙන්නත් ඒ හැටි දවසක් ගියෙ නෑ...
හිතාගන්න බැරි තරමේ දේපලකට උරුමකම් කියන ඕසනි වගේ කෙල්ලෙක්ව යුන්ගි වගේ දුප්පත් කොල්ලෙක්ට දෙන්න ඕසනිගෙ ගෙදරින් අකමැති වුනා..

පුළුවන් තරම් ඉක්මනට ඕසනිට මැරේජ් එකක් කරලා දෙන්න ඕසනිගෙ අප්පා තීරණය කලේ ඒ නිසා...
ඕසනි කිසිම විදියකින් මේ දේට අකමැති වෙද්දි ඕසනිගෙ අප්පා ඕසනිට තර්ජනය කලේ යුන්ගිට කරදරයක් කරනවා කියලා...
යුන්ගිගෙ ජීවිතේට ආදරයක් තියනවා නම් යුන්ගිව අතෑරලා මේ මැරේජ් එකට ලෑස්ති වෙන්න කියද්දි ඕසනිට වෙන කරන්න දෙයක් නැති වුනා..
තමන්ගේ අප්පා මොන වගේ කෙනෙක්ද කියන්න ඕසනි හොඳටම දන්න නිසාත්, තමන්ට මොන දේටත් වඩා යුන්ගිගෙ ජීවිතේ වටින නිසා ඕසනි මැරේජ් එකට කැමති වුනා...

ඕසනි යුන්ගි ළගට ගිහින් කතා කලේ තමන්ගේ අප්පා කරන්න හදපු කිසිම දෙයක් යුන්ගි එක්ක කියන්නෙ නැතුව...
තමන්ට මේ සම්බන්ධෙ නතර කරන්න ඕනෙ කියන දේ විතරක් කියලා ඕසනි යුන්ගිව අතෑරලා යන්න යද්දි යුන්ගි හිතුවෙම ඕසනි තමන්ව රැවැට්ටුවා කියලා..
තමන්ට ආදරෙයි කියලා බොරු කලා කියලා...

🥀 TEARS 🥀 [ Completed ]Where stories live. Discover now