CHAPTER 04 🥀

91 17 7
                                    

තුන්දෙනාම කියව කියව ජේකේගෙ ගෙදරට ගියේ කාලෙකට පස්සෙ අද කට්ටියම එකට එකතු වෙන නිසා..

ජේකේ පවුලෙ තනි ළමයා වෙද්දි ටේටයි, ජිමින්ටයි නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකු හිටියා..
දෙන්නටම නංගි මල්ලි හිටියට කොල්ලො දෙන්නම වැඩිපුර ආදරේ කලේ අර නසරානි ජේකේට..
ටේගෙ මල්ලිට ජේකේව පේන්න බැරි ලොකුම හේතුව ඒක..
ජිමින්ගෙ නංගි ස්ටඩීස් වලට ඇමරිකා ගියෙ ජිමින්ගෙ අප්පගෙ උවමනාවට උනත් ජිමින්ගෙ ඔම්මා ඒ වගේම ජිමින් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුනේ නැත්තෙ කෙල්ල නැති වුනාම ගෙදරම පාළු නිසා..
අප්පගෙ තීරණේ අවසාන තීරණේ කියන තියරි එක නිසාම අන්තිමට කෙල්ලට අකමැත්තෙන් වුනත් ඇමරිකා යන්න සිද්ධ වුනා..

කොල්ලො තුන්දෙනාම කාර් එක පාකින් එකට දාලා ගේ ඇතුලට ආවේ බයෙන්...
ඒ ජේකේගෙ අප්පගෙන කණ පිරෙන්න අහගන්න වෙයිද කියලා..

Jk's papa " ආහ් මේ එන්නෙ මහත්තුරු තුන්දෙනා "

Jm's papa " කොහෙද මෙච්චර වෙලා ගියේ? අපි කොච්චර කෝල් ගත්තද? "

🐯 " ආහ් මේ මගෙ පොඩි වැඩකට ගියා සම්චොන් "

🐥 " පොඩි වැඩක්? ඒක පොඩි වැඩක්ද? "

🐰 " ඔව් ඉතින් ඒ කොපිශොප් එක පොඩි නිසා පොඩි වැඩක් කියන්න පුළුවන් "

🐯 " යා... දෙන්නම කටවහගන්නවා"

Tae's papa " මොකක්ද කොපිශොප් එක? මොනවද තුන්දෙනා කුටු කුටු ගගා කියවන්නේ?"

🐯 " ආහ් මුකුත් නෑ අප්පා "

Jk's papa " හරි හරි දැන් තුන්දෙනාම ඇතුලට ගිහින් වොශ් දාගෙන එනවා. ඔම්මලා කෑමත් හදාගෙන බලාගෙන ඉන්නවා "

ජේකේගෙ අප්පා කියද්දි තුන්දෙනාම සිරිමත් මෝඩ් එක ඔන් කරගෙන පූස් පැටව් තුන්දෙනෙක් වගේ ඇතුලට ගියේ ඔම්මලාව බලන්න..
කොල්ලො තුන්දෙනාම dining room එකට ගියේ ඔම්මලා අනිවාර්යයෙන්ම ඉන්නෙ එතන නිසා...
හිතුවා වගේම ඔම්මලා එතන ඉද්දි කොල්ලො තුන්දෙනාම පැනපු ගමන් ඔම්මලාව බදාගත්තෙ දවස්ගානකට පස්සෙ ඔම්මලාව දකින සතුටට...

Tae's mama " ඔන්න දැන් බොරුවට බදාගන්න එනවා "

Jm's mama " ඒක තමයි. ඔච්චර ඉන්නවා නිකන් එන්නෙ නෑ බලලා යන්නවත්. දැක්කාම විතරක් බොරුවට බදාගන්නවා "

🥀 TEARS 🥀 [ Completed ]Where stories live. Discover now