අද friday හින්දා මම හොස්ටල් එකේ ඉදල ගෙදර යනවා. අද නම් හැබැයි ගෙදර ගියාට හෙන වැඩ ගොඩක් තියේ. අපේ අයියගේ birthday එක හෙට නේ, ඒ නිසා ගෙදර ගිහින් decorations කරන්න ඕන. අයියා business trip එකක් ගිහින් නිසා එයා එන්නේ හෙට උදේ ඉතින් උදේට තම surprise party එක දෙන්න වෙන්නේ. හරි ඉතින් මගේ අයියගේ ඇත්ත නම තමා කෙවින්. හෙන හැන්සම් කොල්ලා. අවධාරනෙන් කියන්නේ පැණියෙක් නම් නොවේ. කෙල්ලෝ 1000 ක් ලග උනත් විශ්වාසයෙන් තියල යන්න පුළුවන්, හෙන අහිංසක කොල්ලා. හැබැයි කෙල්ලෝ ටික ගැන නම් විශ්වාස කරන්න බෑ ඒක තමා ප්‍රශ්නේ.
මන් ඉතින් ගෙදර ගිහින් party එකට ඕන හැම දෙයක්ම ලෑස්ති කරා. ඇමීත් මට හුගක් උදව් කරා. ආ... මට කියන්න අමතක උනානේ අපේ ඇමියට අපේ අයියා ගැන පොඩි ක්‍රෂ් එකකුත් තියෙනෝ. අයියටත් එක තේරිලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ අයියත් අපේ ඇමියට කැමති වගේ. මොකද ඒකත් කොයිවෙලෙත් මේකි ගැන අහනවා. හ්ම්ම්... හොදා හොදා ඒ මගුලත් set උනොත් මට මගේ බෙස්ටියව මුළු ජීවිත කාලෙටම ලග තියාගන්න පුළුවන් නේ. ඈ.. බොලේ මට අමතක උනානේ, මට ඉතින් කවදාහරි මගේ හබියගේ ගෙදර යන්න වෙනොනේ.. shit.
මම ඉතින් මේ මල විකාර හිත හිතම car එකට නැග්ගා අයියට තෑග්ගක් ගේන්න මාර්කට් එකට යන්න. මන් කඩෙන් තෑග්ග අරගෙන ආපහු car එක දිහාවට යද්දී මට දැනුනේ කවුරුහරි මාව follow කරනවා වගේ. මගේ හීල් එකක් ගලක වැදිලා මාව පැටලිලා වැටෙන්නේ යද්දී කව්රුහරි මාව අල්ල ගත්තා. කව්රු උනත් ඒ කෙනාගේ අත් හරිම cold. මම බයටම ඇස් දෙක පියාගෙන හිටියේ, එයා කවුද කියල බලා ගන්නත් කලින් එයා මාව කෙලින් කරලා විදුලි වේගෙන් අතුරුදන් උනා.
මට එයාව දකින්න නොඉවසිල්ලක් ඇති උනා හරියට මාව වෙන බලවේගෙකින් පාලනය කරනවා වගේ. මම ටිකක් වෙලා එතන එයාව හෙව්වත් හොයාගන්න බැරි වුණු නිසා මම තෑගි ටිකත් අරගෙන ගෙදර ගියා.
මම නිදාගන්න හැදුවත් ඒ අමුතු කෙනා ගැනමයි මට මතක් උනේ. ඉතින් මම අයිය එනකන් wait කරන්න තීරණය කරා. අයියා එද්දී හරියටම දොළහට විනාඩියයි. හැබැයි එකෙන් වැඩේ තව පහසු උනා. අයියා දොර ඇරගෙන එද්දීම clock එකේ දොළහ වැදුනා.
"Happy Birthday අයියා!"
අයියට අදහගන්න බැරි උනා එක පාරටම lights නුත් on කරගෙන මන් මතු වෙච්ච එක ගැන. අයියා මාව පැනපු ගමන් බදා ගත්තා.
YOU ARE READING
My Vampire Prince | A trip to Transylvania ✔
Vampireඑමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැනගෙන හිටියේ ඇයට එහිදී අභිරහස් ලෙස හමුවෙන අමුත්තෙක් ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරාවි කියලා? _ This is purely a fiction of mine. Copying any of my...