After 4 years (Author's pov)
"දුවන්න එපා ළමයෝ වැටෙයි! නවතින්න ඔහොම!"
"හිහි හිහි හි... තාත්ති බලන්නතෝ අම්මි මන් ආත නැති ඒවා කවල්ල හතලවා!" (තාත්තෙ බලන්නකො අම්ම මන් ආස නැති ඒවා කවන්න හදනවා) යුමී දුවගෙන ඇවිත් එරික්ගෙ පිටිපස්සේ හැන්ගිලා කටත් ඇද කරන් කිව්ව විදියට නම් බබාගෙ අම්මයි තාත්තයි දෙන්නටම හිනා.
"අනේ, බබා ආත නැති ඒවා කවල්ල එපා බබාට නේ ප්රින්සස්?" එරික් යුමීව වඩාගන්න ගමන් ළමා කටහඩකින් එහෙම කිව්වේ චූටි යුමීගේ නහයත් මිරිකන ගමන්.
"හරි හරි දැන් හුරතල් කරන්නකෝ තව ටිකක්.. ඔය පොඩි එකාව කවදහරි නරක් කරන්නේ තමුන් තමා මෝඩ වැම්පයරයා!" එමා බොරු තරහක් මවාගන්න ගමන් කිව්වා.
"අනේ ඔය විදිහට යුමී ඉස්සරහවත් මට කතා නොකර ඉන්නවකෝ ඒන්ජල්.. මගේ දුව ඉස්සරහම මගේ නම්බුව කනවනේ.." එරික් මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වා.
"ඒත තමා!" එරික්ගේ කරේ එල්ලිලා හිටිය යුමී බබත් තමන්ගේ ඩැඩී කිව්ව දේ අනුමත කරන්න වගේ කිව්වේ හරිම හුරතල් විදිහට.
"හහ්... දැන් තාත්තයි දුවයි එකට එකතුවෙලා මම තනියම! Not fair.." එමා කටත් උල් කරගෙන එහෙම කියාගෙන අහක බලාගත්තා. එරිකුයි යුමී බබායි දෙන්නම ඇවිත් එමාගේ කම්මුල් දෙක දෙපැත්තෙන් සිපගත්තා. ඒත් එක්කම එමාගේ දෙතොල් සිපගත් එරික්, "Everything is fair in love and war, my love!" කියාගෙන යුමී බබා එක්ක හිනාවෙවී යන්න ගියේ එමාව චෙරි ගෙඩියක් වගේ රතු කරලා.
"ඒයි ගොන් උලමෝ තමුන්ට දරුවා ඉස්සරහවත් පාඩුවේ ඉන්න බෑද!?" එමාත් එරික්ට බැන බැනම ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ගියේ යුමීට කෑම කවලා ඉවර නැති නිසා.
තුන් දෙනාම විනෝදවෙමින් කෑම කෑවා... අහ්.. සොරි! කෑවා නෙමේ නෑවා කියන එක වඩා හොදයි. මොකද මේ පවුලේ වැඩිහිටියො දෙන්නෙක් ඉන්නේ නමට විතරයි. මොකද ඒ දෙන්නා වෙලාවකට පොඩි එකාටත් අන්තයි. දැක්ක කෙනෙක්ට නම් මේ ඉන්නේ මායා ලෝකේ ආරක්ශකයන් දෙන්නෙක් කියලා හිතන්නවත් බෑ.
*Emma's pov*
"අම්මී, අපි නන්නේ නැත්ත ඔකු මාමියි, ඔකු ඇන්දියි බනන්න?" (අම්මේ, අපි යන්නේ නැද්ද ලොකු මාමයි, ලොකු නැන්දයි බලන්න?)
YOU ARE READING
My Vampire Prince | A trip to Transylvania ✔
Vampireඑමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැනගෙන හිටියේ ඇයට එහිදී අභිරහස් ලෙස හමුවෙන අමුත්තෙක් ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරාවි කියලා? _ This is purely a fiction of mine. Copying any of my...