𝐌𝐲 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐏𝐫𝐢𝐧𝐜𝐞 - 𝐴 𝑡𝑟𝑖𝑝 𝑡𝑜 𝑡𝑟𝑎𝑛𝑠𝑦𝑙𝑣𝑎𝑛𝑖𝑎
ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪɪ
Emma's pov
අද මේ ඇමීට මොනා වෙලාද? අද ඇයි මාව ඇහැරෙව්වේ නැත්තේ... වෙනද නම් මගේ ඔලුව කන්න හදනවා.. හ්ම්.. එකත් හොදයි එක අතකින්! මන් එහෙම හිත හිත ඇස් දෙක අරිද්දි මට දැනුනේ සිවිලිමේ තිබුන නුපුරුදු බවක්.. මේ කොහෙද මම මේ ඉන්නේ!? මේ හොටෙල් එකේ සිවිලිම නෙමේ වගේනේ.මම කලබලයෙන් වගේ ඇදෙන් බහින්න යද්දී මට දැනුනේ මගේ ඉණ වටේ එතිලා තිබුන අත් දෙකකින් මාව ආපහු තමන්ගේ දිහාවට ඇදල ගන්නවා වගේ..
"තව ටිකක් නිදාගන්න ඒන්ජල්.." ඒ කෙනා මුමුනද්දී ඒ එක්කම මගේ ඇස් දෙක උද ගියේ ඊයේ වෙච්ච දේවල් මතක් වෙලා. මන් එතකොට මේ තාම ඉන්නේ අර වැම්පයර් ගුහාවේද? දෙයියනේ එතකොට මේ එරික් මාව බදාගෙන නිදියගෙන ඉන්නේ ඇයි? අනෙක මට මතක විදිහට මට නින්ද ගියේ සෝෆා එක උඩනේ.. මන් මෙතනට ආවේ කොහොමද? දෙයියනේ ඊයේ රෑ උනේ මොනාද? වෙන්න පුළුවන් නරකම දේවල් ටික මගේ ඔලුවේ කැරකෙන්න පටන් ගත්තා. ඇයි මම ටික විනාඩි දෙක තුනෙන් මේ නාදුනන වැම්පයරයාව විශ්වාස කරේ? මම ඔලුවේ අත්දෙක ගහගත්තේ මේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිව.. මට එකපාරටම ඔලුවට ආවේ එකම විසදුමයි.. එරික්!!
"එරික්... එරික්... එරීක්!!! නැගිටිනවා මිනිහෝ.. නැගිටිනවකෝ!" මම එරික්ව හොල්ලලා හොල්ලලා කොහොමහරි අහරවගත්තා.
"ඇයි එන්ජල් කෑ ගහන්නේ? තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ.. මේකා එහෙම කියල ආයෙම මාව තවත් තදින් බදාගෙන නිදාගන්න හැදුවා.
"නැගිටිනවා එරික් තමුසේ ඊයේ රෑ මොනවද කරේ මාත් එක්ක? ඇත්ත කියනවා.." ඈ මෙන්න ඒපාර මෙයා හිනා වෙනවා.. ඇයි මන් දැන් විහිළුවක් කලාද? බැරිවෙලාවත් ඒ වගේ දෙයක්?? නෑ නෑ.. එහෙම වෙන්න බෑ.. අනී.. මගේ ඇස් දෙකෙන් කදුළු කැට එක දිගට වැටෙන්න ගත්තේ එරික් මගේ විශ්වාසෙ කැඩුවා කියන එකට දුක හිතිලද නැත්තන් මන් ගැනම දුක හිතිලද??
Eric's pov
මේ කෙල්ල හිතාගෙන ඉන්නේ අපි අතර මොනව හරි දෙයක් උනා කියලද? හහ්.. කමක් නෑ පොඩ්ඩක් සද්ද නැතුව ඉදලා අවුස්සන්න ඕන. මම ඉතින් මේ විදිහට හිතලා හිනාවෙලා හිටියා. ආ.. මෙන්න මේ කෙල්ල ඒ පාර අඩනවා. අනේ ඒන්ජල් අඩන්න එපා.. මන් විහිලුවක්නෙ කලේ! ඉස්සර වගේම මට බලාගෙන ඉන්න බැරි එකම දේ ඔයාගෙ ඔය ලස්සන චූටි ඇස්වල කදුලු.. අඩන්න එපා මැණික…"ඒන්ජල් අඩන්න එපා.. ඔයා හිතන විදිහේ මොනවත් උනේ නෑ! ඔයාට නින්ද ගිහින් තිබුන හින්දා මන් ඔයාව ඇදෙන් ගෙනල්ලා තිවුවා.. ඔයාට බ්ලැන්කට් පොරවලා තියෙද්දීත් සීතලට ගැහෙනවා දැකපු නිසා තමයි තුරුල් කරන් නිදාගත්තේ… සොරි, මන් විහිලුවක්නෙ කලේ!" මන් එයාව තව ටිකක් තුරුල් කරගන්න ගමන් කිව්වේ එයාගෙ අඩලා රතු වෙලා තිබුනු බෝල නහයෙන් හාද්දක් තියන ගමන්.
"ආ.. ආව්.. ගහන්න එපා ඒන්ජල් රිදෙනවා.." අම්මෝ මෙයාගෙ සැර පොඩි විහිලුවක් විතරනෙ කලේ.. ඕකට ගහන්න ඕනිද!?
"යා.. මෝඩ වල් වැම්පයරයා.. ගහන්න එපා.. හහ්.. මට පුලුවන් උනා නම් තමුසෙව මරන් කනවා.. ආශ්.."
අම්මෝ තරහ ගිහින් හොදටම ඉස්සර වගේමයි. මට ගහලා ගහලා හතිවැටිලාද කොහෙද ආයෙම මට තුරුල් වුණා.
"මන් හිතුවෙ ඔයා මගෙ විශ්වාසෙ කැඩුවා කියලා එරික්.." මට ඇහුනෙ එමා එහෙම මුමුණනවා. අනේ ඒන්ජල් ඔයා මට දැම්මම ආදරේ කරන්න පටන් ගෙනද? අනේ මේ හැම දෙයක්ම ඉවර කරලා දානකන් ඉන්න ඒන්ජල්… මේතරම් ඉක්මනට එපා ඒන්ජල් එහෙම උනොත්…
No one's pov
"බොස්, අරුන් දෙන්නා ආයෙම එකතු වෙලා වගේ..""ආහ්හ්… එහෙම වෙන්න බෑ..!! මෙච්චර කාලයක් මන් මහන්සි උනේ මේ දේ අහගන්නද මිනිහෝ!?? පුලුවන් ඉක්මනට උන් දෙන්නව වෙන් කරනවා.. තේරුනාද!!"
"ඔව් සර්!"
"කෝ අරකිගේ මහලොකු අයියණ්ඩි?"
"ඉන්නවා සර්, ඒත් ඌ කටක් හොල්ලන්නේ නෑ."
"ආශ්.. ඕකට වද දීලා හරියන්නෙ නෑ.. ඕකගෙ කට ඇරවගන්න තියෙන හොදම විදිහ ඕකගෙ අර නංගි පොඩ්ඩ.. ඒකිව අල්ලන් එන්න එතකොට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.. මූත් කට අරියි, අරුන් දෙන්නත් වෙන් වෙයි"
_______
Written by
Sara a.k.a. Pearl Alison ✍︎
YOU ARE READING
My Vampire Prince | A trip to Transylvania ✔
Vampireඑමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැනගෙන හිටියේ ඇයට එහිදී අභිරහස් ලෙස හමුවෙන අමුත්තෙක් ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරාවි කියලා? _ This is purely a fiction of mine. Copying any of my...