ᴄʜᴀᴘᴛᴇʀ ɪᴠ

89 19 4
                                    

අපි ට්‍රාන්සිල්වේනියාවට ගිහින් බස් එකෙන් බහිද්දිම මට අමුතු feeling එකක් අවේ හරියට කවුරුහරි මන් වෙනුවෙන් බලන් ඉන්නවා වගේ. ඒත් එක්කම මගේ ඇස් දෙක ගියේ අපි නවතින්න හිතාගෙන ඉන්න hotel එක එහා පැත්තෙ තිබුන පාලු බංගලාවට. ඒක සියවස් ගානක් තිස්සේ වහලා තිබිලා වගේ පෙනුමක් තිබ්බේ. මට ඒකට එවෙලෙම යන්න හිතුනා. මොකද මන් මේ වගේ හොල්මන් පෙනුමක් තියෙන බංගලාවලට ආස නිසා.

මගේ ඔලුවෙ වැඩ කරපු දේ තේරිලා වගේ ඇමී මගේ දිහාට කොරවෙලා යන බැල්මක් දැම්මා. මම ලාවට හිනාවක් මූනේ දා ගත්තේ මේකි දැන් ජාතිය අමතන්න යන බව දන්න නිසා.

"මොකෝ අර භූත බංගලාව දිහා කන්න වගේ බලන් ඉන්නෙ? මන් දන්නවා තෝ adventures වලට ආසයි කියලා. ඒ උනාට මේ පාර නම් හිතන්නවත් එපා! මතකනෙ ගියපාර වැටුන අමාරුව මේ පාර නම් මන් බේර ගන්න එන්නේ නෑ උබව"

මේකි මට බැනගෙන බැනගෙන ගියා. මේ සූටි මල වගේ හිත තැලිලා පොඩි වෙලා ගියානේ යකූ. නෑ.. නෑ ඇමී බැනපු හින්දා නෙමේ මට අර බංගලාවට යන්න එපා කිව්ව හින්දා. ඒත් මන් සැලෙනවාද මිත්‍රවරුනි? නෑ, මන් කොහොමහරි යනවා. මන් ඇමී දිහාට හොර බැල්මක් දාලා දත් තිස්දෙකම එලියට දාලා හිනාවුනා.

"මොකෝ විරිත්තන්නේ? Don't even think about it!"

"හරි හරි මන් යන්නෑ, ගියොත් උබට කියලා තමා යන්නෙ. දැන් යමන්කො හොටෙල් එක ඇතුලට. මට මාර බඩගිනී ඕයි, වොශ් එකක් දාගෙන හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක පැත්තට යමු."

"යමං යමං, මටත් මාර බඩගිනී."

අපි හැමෝම අනිත් ළමයිනුයි ජෙසී මැඩමුයි ඉන්න තැනට ගියා කාමරවල යතුරු ඉල්ල ගන්න.

(ජෙසී කියන්නේ ප්‍රින්සිපල් මෑම් හොදේ)

"ළමායි මන් කියන දේවල් වලට හොදින් ඇහුම්කන් දෙන්න! First of all ඔයාල කාටවත් එහාපැත්තේ තියෙන bangalow එකට යන්න තහනම්!"

ඇමී මන් දිහා බලලා කුප්ප හිනාවක් දැම්මා.

"තව මගෙන් අවසරයක් නැතිව මේ හොටෙල් එකෙන් පිට යන්න බෑ and බ්ලා... බ්ලා... බ්ලා... මෙන්න ඔයාලගෙ කාමරවල යතුරු."

අපි කාමරවල හිටියේ දෙන්න දෙන්නා, ඉතින් ඇමියි මමයි එකම කාමරයක තමා ඉන්නෙ. ඇත්තටම ඒක හොදයි මොකද අපි දෙන්න කොච්චර රණ්ඩු උනත් දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ.

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now