ᴄʜᴀᴘᴛᴇʀ ᴠɪɪɪ

74 12 3
                                    

Emma's pov

මන්දිරයෙන් ආයෙ හොටෙල් එකට එන්න හිතක් නොතිබුනත් මන් එරික්ට සමුදීලා ඉක්මනටම හොටෙල් එකට ගියේ ඇමී ඇහැරිලා තිබුනොත් අද මට ටිකට් නැතිව එලොව යන්න වෙන නිසා. මම ගිය බව දන්නව උනත් මම රෑ ඒ මන්දිරයේ හිටියා කියන එක ඇමී දන්නේ නෑනේ. ඒකත් නාදුනන වැම්පයරයෙක් එක්ක තුරුල්වෙලා උණුහුමට නිදාගත්තා කියලා දැනගත්තොත් ඇමී මාව එල්ලයි. කොච්චර රණ්ඩු උනත් ඇමී මන් ගැන හොයල බලන්නේ හරියට අම්ම කෙනෙක් වගේ.

ආපු හොර පාරෙන්ම ආයෙ හොටෙල් එකට යන්න පිටත්වෙද්දී ඒ තරම් එළිය වැටිලා තිබ්බේ නෑ. වාසනාවකට වගේ ආයෙත් බිත්තිය දිගේ උඩට ගිහින් බැල්කනි එකෙන් රූම් එක ඇතුලට එද්දි ඇමී නිදාගෙනයි හිටියේ. මන් ඉතින් සද්ද කරන්නෙ නැතුව මගේ ඇදේ බ්ලැන්කට් එක අස්සට රිංගලා නිදි වගේ රගපෑවෙ හරියට අවුරුදු ගානක් තිස්සේ එතන නිදාගෙන ඉන්න කෙනෙක් වගේ.

එහෙම පැයක් විතර ඉද්දි ඇමී අවදිවෙලා මුලින්ම ආවෙ මගේ පැත්තට. මමත් ඉතින් නිදි වගේම හිටියා. ඇමී මගේ ඔලුවත් අතගාලා බාත්රූම් එකට ගියා වගේ දැනුනා.

ඇමී ආපහු එනකොට මම එවෙලෙම අවදිවුනා වගේ, "ගුඩ් මෝනින් ඇමී!" කියාගෙන බාත්රූම් එක පැත්තට ගියා.

"ගුඩ් මෝනින් කෙල්ලේ! ඉක්මනට මූණ හෝදගෙන එන්න breakfast එක අද කලින්ම ගන්න ඕනි නේ අද අපි මේ පැත්තේ තියෙන වැදගත් තැන් බලන්න යන නිසා."

ආ.. ඔව්නේ මට ඒක අමතකත් උනා. කොහෙද අර වැම්පයරයෙක් ඇවිල්ල මගේ මුලු ඔලුවම විකාර කරානේ.

"හා ඇමී.." කියාගෙන මම බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. මම නාන ගමන් කල්පනා කරේ ඊයෙ උන දේවල් ගැන.

මම මගේ තියෙන කුතුහලය වැඩිකමට ඩ්‍රැකියුලා මන්දිරයට ගියා. එහේදි ඒ මන්දිරයේ ඉන්න එරික් කියලා වැම්පයර් කෙනෙක් මට හම්බවුනා. ඒ ටික වෙලාවට මගේ හිත එරික්ට ආකර්ෂණය වෙන්න පටන් අරන්..

අනේ මන්දා මේ දේවල් වෙනවා වේගෙ වැඩිද කියලා. ඒ උනත්.. ඒ උනත් මට දැනෙන්නේ හරියට මම එරික්ව අවුරුදු ගානක ඉදන් දන්නවා වගේ. හරියට එයා මන් වෙනුවෙන් අවුරුදු ගානක් බලන් හිටපු කෙනෙක් වගේ.

මට දැනෙනවා ඒ මන්දිරය මට හුරුපුරුදු තැනක් වගේ.. හරියට මාව ඒ මන්දිරයට අයිති කෙනෙක් වගේ.. මට තේරෙන්නේ නැහැ මේ මොනවාද වෙන්නෙ කියලා. දෙවියනේ මට පිහිට වෙන්න…

මේ වගේ ගොඩක් සිතුවිලි මගේ ඔලුවෙ වැඩ කරද්දි මන් ශවර් එකත් ඕෆ් කරලා ඇදුමක් දාගෙන ඇමී එක්ක උදේ කෑම ගන්න පිටත් උනේ මන් මෙච්චර ආසාවෙන් ආපු ට්‍රිප් එක enjoy කරන්න තියෙන අවස්ථාව නැති කරගන්න ඕනෙ නැති නිසා…

කෑම ගන්න වෙලාවෙත් මට හැමවෙලාවකම මතකෙට ආවෙ එරික්ව.. මට වෙන දෙයක් ගැන හිතන්නම බැහැ වගේ දැනෙන්නේ..

අපි කෑම අරගෙන ඉවර වෙලා හොටෙල් එකෙන් පිටත් වුණා. අපි ගොඩාක් ප්‍රසිද්ධ තැන් බලන්න ගියා.. ගොඩාක් විනෝද වුණා.. ඒත් ඒ හැම වෙලාවකම මට දැනුනේ හරියට කවුරුහරි මන් දිහා බලන් ඉන්නවා වගේ.. එකපාරටම මට නාදුනන අංකයකින් ආපු කෝල් එකක් නිසා මම අපේ සෙට් එක හිටපු තැනින් ටිකක් එහාට ගියේ එතනට සිග්නල් තිබුනෙ නැති නිසා..

මම ඒක ආන්ස්වර් කරලා කනේ තියන්න හදද්දීම ඔලුව පිටිපස්සෙන් ආපු වේදනාවක් එක්කම හැම දෙයක්ම කලුවර වෙලා ගියා..

___

එමාට මොකද උනේ? ඒක දැනගන්න කතාවත් එක්ක දිගටම රැදිලා ඉන්න.. 😁🤪

අඩුපාඩු එහෙම තියේනම් කියන්න මොකද මේ සින්ගල් මොන්ගල් මට ලව් ස්ටෝරි ලියන්න එච්චර තේරෙන්නෙ නෑ.. හී.. විකාරයක් වගේ නම් කියන්න හුදේ 🤓 ආ.. අනිත් writer ලගෙ මන් ආසම පොත් මේ දවස්වල කියවන්නවත්, comment කරන්නවත් බැරි උනාට සොරි! 🤕 වැඩ වැඩී චුට්ටක් ඒකයි. 🤧

Bye cupcakes 💖

Written by
Sara a.k.a. Pearl Alison ✍︎

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now