Emma's pov
"එමා.. මැණික නැගිටින්නකෝ.. එමා" මන් නැගිට්ටේ කවුරුහරි උලමෙක් මගේ කන ගාව බෙරිහන් දිදී මූණට වතුර පාරක් ඉස්සම. මන් එතන අවට වටපිටාව බැලුවම මට කෑගැහුනා. හුටා.. මන් මෙච්චර වෙලා දැක්කේ හීනයක්ද?? මන් එතකොට මේ තාම ඉන්නෙ අර මන්දිරයේද??
"නෑ.. මෝඩියේ තමුසෙ හීනයක් නෙමේ දැක්කේ.. ඇත්තක්!! අම්මපා.. තමුසෙට යාලුවො එක්ක ඉන්න බැරි උනාද.. අර කවුරුත් නැති තැන් අස්සෙ රිංගන්න ගියේ! මන් ආවෙ නැත්තම් අර මිනිස්සු ටික තමුසෙව කොහේ අරන් යයිද මොනා කරයිද දන්නේ නෑ.. තමුසෙ නම් ගොනෙක් නෙමේ ගොන් බදින කණුවක් ඕයි…"
යකෝ මූ!! දැන් ටිකකට කලින් නේද මට සිහිය නැති වෙලාවෙ මැණික මැණික ගෑවේ? මට සිහිය තියෙන වෙලාවටත් ආදරෙන් කතා කරයි කියලා මැරෙනවායැ.. හුහ්.. මුගෙ තියෙන නපුරුකම!
"මට ඇහැනෙවා තමුන් හිතන හැම දෙයක්ම.. තමුසෙ අර වගේ කිසිම වගකීමක් නැතුව වැඩකරාම බනින්නේ නැතුව තොටිල්ලේ දාල නලවන්නද කියන්නෙ මට ආ?"
"හරි ගොන් උලමෝ.. කියනවකො දැන් මට උනේ මොකක්ද කියලා?"
"යා.. ගොනී, ලැජ්ජ නැතුව තව අහන හැටි!"
"තමුසෙට මම," මන් කොට්ටයක් අතට ගත්තේ ආපු තරහටත් එක්ක මූණට දෙකක් දමල අරින්න.. "කියනවද නැද්ද?"
"හා.. එහෙනම් අහගන්නවකො..
Flashback (Author's pov)
එකපාරටම එමාගෙ පිටිපස්සෙන් ආපු කෙනෙක් යකඩ පොල්ලකින් එමාගෙ ඔලුවට ගැහුවා.. එමා සිහිය නැතිව වැටෙන්න හදද්දීම එරික් විදුලි වේගෙන් ඇවිත් එමාව වැටෙන්න නොදී අල්ලගත්තා.. ඒ මිනිස්සු එයාලගෙ පස්සෙන් එන්න කලින් එරික් එමාවත් අරගෙන එතනින් අතුරුදන් වුණා.Back to the present
Eric's pov
"ඔන්න ඕකයි උනේ.." මම එමාට විස්තරේ කියලා ඉවර කළා."ඒ මිනිස්සු ඇයි එහෙම දෙයක් කරන්නෙ? මාව පැහැරගන්න හේතුවක් නෑනේ!"
"සමහර විට ඔයාගෙ අයියා ලොකු බිස්නස්මන් කෙනෙක් නිසා වෙන්න ඇති"
"හ්ම්.. wait a minute! ඔයා දන්නෙ කොහොමද මට අයිය කෙනෙක් ඉන්නවා කියන එකයි, එයා ලොකු බිස්නස්මන් කෙනෙක් කියන එකයි? මන් කිව්වෙ නෑනෙ!?"
YOU ARE READING
My Vampire Prince | A trip to Transylvania ✔
Vampireඑමා, High school යන දගකාර කෙල්ලෙක්. පාසලෙන් ට්රාන්සිල්වේනියාවට යන චාරිකාවට ඇය ඇගිලි ගනිමින් හිටියේ. කවුද දැනගෙන හිටියේ ඇයට එහිදී අභිරහස් ලෙස හමුවෙන අමුත්තෙක් ඇයගේ මුලු ජීවිතයම වෙනස් කරාවි කියලා? _ This is purely a fiction of mine. Copying any of my...