ᴄʜᴀᴘᴛᴇʀ xɪɪɪ

59 13 0
                                    

Author's pov

"ඔයා කොහොමද මෙහෙ ඉන්නේ අයියේ?"

ඔව්, ඒ හිටියේ එමාගෙ අයියා කෙවින්!

"ඔයාලා දෙන්නව වගේම මාවත් රිචඩ් අරන් ආවා මෙහාට."

එතකොට තමා එමාට මතක් උනේ එරික්ව.

"අහ්.. එරික් කෝ?"

"අර ඉන්නෙ.. තාම සිහිය නෑ!"

කෙවින් පෙන්නුවේ ඒ කූඩුවේම කොනක වැටිලා හිටිය එරික්ව එමාට පෙන්වන ගමන්. ඒගොල්ලන්ව දාල තිබුනේ විශේෂයෙන්ම වැම්පයර්ලටම හදපු හිර කූඩුවක නිසා. එයාලට එතනින් පැනලා යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. එමා එරික් ලගට දුවල යන්න හැදුවත් එමාට හිටපු තැනින් හෙල්ලෙනවත් බැරිවුනේ ඇයගේ දෙපා දම්වැල් දමා සිරකර තිබූ නිසයි. එමා රිචඩ්ට හිතින් සාප කරන ගමන්ම ආයෙ හිටපු තැනින්ම ඉදගත්තා. එතකොටම තමයි එමාට දෙයක් එකපාරටම සිහියට ආවේ.

"රිචඩ් අයියව මෙහෙ අරන් ආවෙ ඇයි?" එතකොටම එමාගෙ ඇස් දෙක ලොකු උනා. "බැ... බැරිවෙලාවත්, ඔයා මගේ අයියණ්ඩි එඩ්වඩ්ද?" එමා ගොත ගහමින් ඇහුවා.

"ඔව්, එලීනා.. ඒ මමයි!"

"එ.. ඒ කියන්නේ අයියා මේ හැම දෙයක්ම කලින් ඉදන්ම දැනන් හිටියද? අයියටත් අපිට වගේම අවුරුදු 18 වෙද්දී මතකය ඇවිත් පූර්ණ වැම්පයර් කෙනෙක් බවට පරිවර්තනය වුණාද?" එමා ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන.

"ඔව්!"

"එ.. එතකොට අපේ අම්මයි තාත්තයි?"

"ඔව්, ඒ දෙන්නා මැරුණු එක ඇත්ත! එයාලව මැරුවෙත් රිචඩ්. ඒත් ඌට අපි දෙන්නව හොයාගන්න බැරිවුණා.. ඒ අපේ අම්මයි තාත්තයි අපිව එයාලට අහුවෙන්නේ නැතිවෙන්න හංගපු නිසා. මමත් මේ හැම දෙයක්ම දැනගත්තේ එයාලගෙ ලියුමකින්. එයාල එයාලගෙ දේපල ඔක්කොම අපිට ලියලා තිබ්බේ රිචඩ් එයාලව මරන බව දන්න නිසා. අවුරුදු 14ක පොඩි ලමයෙක් උනු මම මේ හැම දෙයක්ම තනියම විදගෙන මගේ චූටි නංගියාව බලාගත්තා. හරියටම තව අවුරුදු 4ක් යද්දී මට මතකය ආව වගේම මම වැම්පයර් කෙනෙක් බවට පරිවර්තනය උනා. ඉතින් මම එඩ්වඩ් එහෙමත් නැත්නම් එරික්ව හොයන්න ගොඩක් උත්සහ දැරුවා ඒත් මට හොයාගන්න බැරිවුණා, මොකද එයාව හොයාගන්න පුලුවන් එලීනා කුමරියටම විතරයි. ඉතින් මම ඔයාට මතකෙ එනකන් පාඩුවෙ හිටියා..! ඔයා ට්‍රාන්සිල්වේනියාවට යන ට්‍රිප් එක ගැන දැනගත්තම මට හිතුනා සමහර විට ඔය දෙන්න හමුවෙයි කියලා.. මොකද ට්‍රාන්සිල්වේනියාව කියන්නේ මිනිස් ලොව වැම්පයර් රාජධානියනේ!"

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now