හිමි නොවනා බව දන්නා නමුදු
හදවත රිදවා දළු ලා වැඩෙනා
පණ ගැහෙන පෙනහළු මතින්
ඉහළට ඇදෙනා
රුධිරයෙන් අබිසෙස් ලත්
සිනිඳු මල් පෙති
සුරතල් කරනා
එකත්පස පෙම
'හනහකි '
ඔබෙ නාමයෙන්
නොහඳුණන රෝස පෙති
සුසිනිදු ලිලීමල්
වියළුණු සුසුමෙන්
ඉබේ පරවුනාවේ........~අහිමි වූ ඒක පාර්ශවික ප්‍රේමයක්....
Lan_Kimra
Hanahaki ඇත්තටම තිබුණා නම් ආදරනීයම ...දුක්බරම රෝගය වෙන්න තිබ්බා මේ ලෝකේ තියෙන...
මේක මම ලිව්වේ bio clz එක අස්සෙදි..සලකුණු ජාන ගැන කියද්දි එකපාරටම ඔලුවට ආවා මේක..එසැනින් ලිව්වා පොත පිටිපස්සේ
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra