හඳුන්කූරු දුමෙන්
රතු නිල් මලින්
වටව කුටියක සැඟව සිටින
දෙවියනේ.....කැපූ නොකැපූ
සුවඳ ඵලින්
පුද ලබන
දෙවියනේ...දාහේ කොළ දෙකට
පන්සීයේ කොළ දෙකට
වැඩිපුර යාතිකා වලට
ආසිරි පතන
දෙවියනේ...ඔය කුටි ඇතුලේ
තිර රෙදි අතරින්
මේ මිනිසුන් විඳිනා දුක
පෙනෙනවද
දෙවියනේ...?Lan_Kimra
ඒක වෙනමම බිස්නස් එකක්
YOU ARE READING
Belle_Ame [✔️]
Poetryඑකට පැටළුණු සිතුවිලි එකින් එක ලිහමින්.... 1st in #poet Lan_Kimra