Porolouge

359 75 44
                                    


මේස සියල්ලම පිරෙන්න තරම් සෙනඟ රැදුන ඒ Cafe එකේ එක් මේසයක කෙනෙක් එයාගේ ලැප්ටොප් එකත් දිග ඇරන් phone එකෙන් ලොකු කතා බහක හිටියේ....

ලා නිල් පාටට හුරු ඇඳුම වගේම සිල්වර් කලර් බ්‍රේස්ලට් එක එයාට ගොඩක් ලස්සනට ගැළපුනා....

" ඔව් මම ඒ ගැන බලන්නම් ... "

ඒ අතර වාරයේ එයා ඕඩර් කරපු black coffee එකත් එක්ක Chocolate Chip cup Cake එක මේසෙට එද්දි එයා ටිකකට ලැප්ටොප් එකෙන් ඇස් අහකට ගත්තේ ඒ වේටර් වරයාට ස්තූති කරන්න...

" Thank You ... "

වේටර්වරයා එතනින් යනවත් එක්කම එයා ආයෙත් කෝල් එකට අවධානය දුන්නා...
" ච් ... No Kissings .... මිසිස් රීනා ඒවට කැමති නෑ...

ඔව් කලින් කලා ... ඒත් wedding එකෙන් පස්සෙ එයා ඒවා බාරගන්නේ නෑ ... "
නළලත් රැලි කරන් කතා බහේ හිටිය ඒ කෙනාගේ ඇස් රැදුනේ එයාට ටිකක් ඉස්සරහින් තිබුන table එකක හිටිය වයසක ජෝඩුව ලග ...

Cafe එකේ menu card එක අරගන ඒ ගෑණුකෙනා ඒකේ කෑම වල ගාන ඇස් ලොකු කරමින් පෙන්නද්දි එයාගේ සැමියා හිනාවෙලා කිව්වෙ ගාන නොබලා කෑම ඕඩර් කරන්න කියලා....

එක මොහොතකට කාර්‍යබහුල කෝල් එක මැද මේ කෙනාගේ ඇස් ඒ වයසක ජෝඩුව ලග නතර උනා.. හීන් හිනාවක් ඒ තොල් වලට ඇඳුනේ ඉබේමයි....

" ඔව් ඒ වගේ කොටස් කමක් නෑ ඒත් පුංචි ඇඳුම් කෑලි බෑ ... උඩින් වගේම යටින් හොදට වැහෙන්න ඕනි ... "
එයා ගේ කතා බහ ටිකක් හඬ වැඩිවෙද්දි මේ තරම් වෙලාවක් එයා දිහා එයාටම අල්ලපු table එකේ ඉදගන බලන් හිටිය තද නිල් සූට් එකක් ඇඳපු කෙනාට හිනා ගියා...

තමන් කෑගැහුවා වැඩි බව තේරෙද්දි එයා හැරිලා බැලුවේ තමන් දිහා හිනාවෙවී බලන් ඉන්න කොල්ලා දිහා ...

" අහ් .... ආදර දර්ශන .. ?! එහෙම එකක් ස්ක්‍රිප්ට් එකේ නෑ නේ .... එහෙම කොහොමද අලුතෙන් එකතු කරන්නේ ... ?

ච් සර් මට තව කෝල් එකක් එනවා මම පස්සෙ ගන්නම් ... "
ඒ කෝල් එක තවත් ගෙනියන්න අකමැති නිසාම එයා බොරුවකින් කෝල් එක කට් කලා...

" ඔයාට රසවත් රස්සාවක් තියෙනවා වගේ .. "
එයාගේ එහා පැත්තේ මේසේ හිටිය නිල් සූට් කොල්ලා ගෙන් එහෙම ප්‍රශ්නයක් යොමු උනා..

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now