0.3

183 51 61
                                    

" I mean .... මට එහෙනම් පුළුවන් වේවි ඔයාගෙන් dinner එකකට යන්න අහන්න.... එහෙම නේද ? "
යුන්ගි ඇහිබමක් උස්සලා පුංචි හිනාවක් දාද්දි ජීමින් අතක් මේසෙට තියලා ඒ මතට නිකට තිබ්බා....

" I don't think So .. ( මම හිතන්නේ නෑ .. )"
ඒ ජීමින්ගේ උත්තරේ ....

" Sir .. ඔයා දැනටමත් මා එක්ක coffee එකක් බීලා ඉවරයි ... "
යුන්ගි හිනාවෙද්දි එතනට ආවේ අර counter එකේ ගෑණුකෙනාගෙන් බැනුම් අහපු පොඩි කොල්ලා...
එයා ජීමින් එක්කත් හිනා වෙලා වාඩිවෙලා ඉන්න යුන්ගිගේ කනට නැමුනා...

" අද උදේ එයා මට slipper එකකින් ගැහුවා... "
යුන්ගිගේ කනට කරලා එයා එහෙම කියලා හැරුනේ ජීමින් ගේ පැත්තට ...
" ඔයා මගේ සාක්ෂිකාරයෙක් .. "
එයා ජීමින්ව පෙන්නලා කියද්දි ජීමින් හිනාව හිර කරන් උරහිස් ඇකිලුවා...

°°°°°°

" Dinner එක ගැන මොකද කියන්නේ.. ? "
Coffee shop එකෙන් එලියට බැහැලා යන්න හැදුව ජීමින් ගෙන් යුන්ගි අහද්දි ජීමින් හුස්මක් අරන් යුන්ගි දිහාවට හැරුනා..

" මම දන්නෑ ඔයාට විහිළුවක් වගේ දැනෙයිද කියලා .. ඒත් ඇත්තටම මම සේවාදායකයන් එක්ක ලගින් ආශ්‍රයක් නෑ ...
And you are not my type .. "
ජීමින් යුන්ගි ගේ හිත නොරිදෙන්න පුංචි හිනාවක් එක්ක එහෙම කියද්දි යුන්ගි හිනාවෙන්න ගත්තා...

" O God ... මේක date එකක් නෙවේ ... ඔයා ඩෙල්ෆ්ට් වලදිත් මාව coffee shop එකකට එක්ක ගියා.. මමත් මේ ඒවගේ request එකක් කලේ...
And ... You are not my type either ... ( ඔයත් මගේ ටයිප් එකේ නෙවේයි .. ) "
යුන්ගි හිනාවෙද්දි ජීමින් ඇහිබමක් උස්සලා කටත් ඇරියා....

" හහ් realy ... ? ලස්සන , බුද්ධිමත් , සාර්ථක ... ම්ම් ඒවා ඔයාගේ කැමැත්ත නෙවෙයිද ..
ආ ... ඔයා ගොලු අයටද කැමැති .. ? O my God ... you are a writer ... ඔයා ගොඩක් ලොකු වචන දන්නවා .. එහෙම නේ.. "
යුන්ගිට සමච්චලේටත් එක්ක ජීමින් එහෙම කිව්වේ කටත් එහෙ මෙහෙ කරලා රඟපාන ගමන්...

" චහ් ඔයා ඇත්තටම විහිළුවක් වගේ .. ඔයා සාමාන්‍යයෙන් මෙහෙම කෙනෙක් ද නැත්තන් ඔයා මගේ ටයිප් කෙනෙක් වෙන්න try කරනවද .. ? "
යුන්ගිත් නක්කලේට එහෙම කියලා හිනාවෙද්දි ජීමින් ඇස් දෙක කැරකෙව්වා..

" O please ... "
ජීමින් හිනාවකින්ම ඔලුව වැනුවේ දැන් මේක ඇතියි කියන්න...

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now