1.1

139 40 18
                                    


ජීමින් හිටියේ යුන්ගි ගේ ඔම්මා එක්ක එයාලගේ ගෙදර ගාර්ඩ්න් එකේ මේසෙක වාඩිවෙලා තේකක් බොන ගමන්....

" ඔයා නේද එයාගේ පොතේ අවසානෙට අකමැතියි කිව්ව කෙනා .. ? "
යුන්ගි ගේ ඔම්මා එහෙම ඇහුවේ කට පුරෝගත්ත ලොකු හිනාවක් එක්ක...

" අ... Actually ... අම්... "
ජීමින් ගොත ගහන්න ගත්තේ අමාරුවෙන් හිනාවකුත් දාලා ...

" මම වරදක් කිව්වා නෙවෙයි .... එයාගේ පොත මුලු ලෝකෙම කියවනවා .. ඒත් මම හිතන්නේ ... හ්හාහ්.. එයා ඒක ලියලා තියෙන්නේ මං වෙනුවෙන් .. "
මූණේ තිබුන හිනාව මැකිලා යද්දි යුන්ගි ගේ ඔම්මා හුස්මක් පිට කලා...
" පුංචි කාලේ ඉදන්ම එයා දැක්කේ මගේ තනිකම විතරයි .. එයාට තේරුම් ගන්න පුළුවන් උනා නම් , සමහර වෙලාවට අපිම ඒ තනිකම තෝරගන්නවා කියලා ... හ්ම්.. "
යුන්ගි ගේ ඔම්මා එහෙම කිව්වත් ජීමින්‍ට ඒක නොතේරුන ගානයි...

" අ ඇත්තටම මට ඔයා කියපු දේ පැහැදිලි මදි ... "
ජීමින් ඔලුව වනලා නළල රැලි කලා...

මේ දෙන්නගේ මේ කතා බහ අස්සෙ හදිසියේම යුන්ගි ගේ ඔම්මව හම්බෙන්න ආවේ ලෙයා ... කෙල්ල මුලින්ම අදුන ගත්තේ යුන්ගි ගේ ඔම්මව විතරක් උනාට ඒ පැත්තට හිනාවීගන යන්න හදලත් එයා දැක්කේ යුන්ගි ගේ ඔම්මා එක්ක කතා කරමින් ඉන්න ජීමින්ව ....

ඇසුත් ලොකු කරන් ඉක්මනට අනිත්පැත්තට හැරිලා එයා එතනින් දුවන්නයි හැදුවේ ..
" අනේ ලෙයා .. මෙහෙට එන්න අනේ ... "
යුන්ගි ගේ ඔම්මා රේඩාර් එකක් වගේ ඒ ඩිංගට ලෙයාව දැක්කා....

කෙල්ල අසරණ හිනාවක් දාලා අතක් වැනුවේ මොකුත් නොවුන ගානට ඒ පැත්තට ඇවිදන් යන ගමන් ...

" හායි ... "
ලෙයා අමාරුවෙන් හිනාවක් මූණේ අලවන් ජීමින් දිහත් බැලුවා...

" ජීමින් ... මේ ලෙයා .. යුන්ගි ගේ හොදම යාළුවා .. "
යුන්ගි ගේ ඔම්මා එහෙම කියද්දි ලෙයා දිවත් හපාගත්තා ... ජීමින්ටත් ඉබේම ඇහිබමක් ඉස්සුනේ එයා එහෙම්මම ලෙයා දිහා බලද්දි...

" realy ... ? "
අමාරුවෙන් හිනාවෙන ලෙයා දිහා බලලා ජීමින් එහෙම ඇහුවේ ඔලුවත් පැත්තකට ඇල කරගන...

" ලෙයායි එයාගේ හස්බන්ඩ් නම්ජුන් දෙන්නම අපේ NGO එකේ volunteers ලා ... "
ආයෙත් වතාවක් දිව තදින් හපාගන ලෙයා අතේ ඇගිලිත් තදින් අල්ලගන ආයාසයෙන් හිනාවෙද්දි යුන්ගි ගේ ඔම්මා එහෙම කිව්වේ ජීමින් හොදින් තේරුන බව පෙන්නන්න උනන්දුවෙන් ඔලුව වනද්දි....

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now