0.8

145 44 35
                                    


ජීමින් යුන්ගි එක්ක ආපහු යන ගමන් හිටියේ ... රෑ වෙලා නිසා දෙන්නා හෙමින් හෙමින් පයින් coffee shop එකෙන් එලියේ පාරේ ඇවිදන් ආවා...

" ඉතින් .. පහෙන් තරු කීයක් දෙනවද ? "
යුන්ගි අහපු ප්‍රශ්නේ එක්ක ජීමින් ටිකක් නතර උනා....

" මොකක් .. ? "

" ච් අද දවස වෙනුවෙන් ජීමින් ... "
යුන්ගි ට හිනාවක් පැන්නේ ජීමින්ගේ උඩගිය ඇස් නිසා...

" ඕහ් .. Well .. නරකමත් නෑ .. "
Jumping Suit එකත් හදන ගමන් ජීමින් උරහිස් ඇකිලුවා...
" අපි බලමු ending එක මොනවගේ වෙයිද කියලා .. ? "

" ච් ඒත් ඔයා මගේ ending එකට අකමැතියි කිව්වා නේ ... ? "
යුන්ගි කට ඇද කලේ එහෙම කියලා...

" O God ... අහන්න . ඔයාගේ පොතේ main character එක, ඒ ගර්ල් එයාගේ හස්බන්ඩ් ට ගොඩක් ආදරේ කරනවා ... ඒත් අන්තිමට හස්බන්ඩ් ගර්ල්ව දාලා යනවා..
ගර්ල් අතෑරලා දාලා නිකන් ඉන්නවා .. "
ජීමින් අත්දෙකත් පපුවට බැඳගන නිකට ඉස්සුවා...

" Yes Jimin .. ගොඩක් අය ආස කරන්නේ ඒ ending එකට .. විශේෂයෙන්ම ගැහැණු පාර්ශවේ ... "
ජීමින්ගේ මූණට නැවිලා යුන්ගි එහෙම කියද්දි ජීමින් කට ඉරක් වගේ කලා..
" ඒ ගර්ල් එයාගේ මුළු ජීවිතේම නාස්ති කරගන්නේ නෑ එයාව තේරුම් නොගන්න පිරිමියෙක් වෙනුවෙන් ... "
යුන්ගි එහෙම කියද්දි ජීමින් පුංචි හිනාවකින් යුන්ගි ව ඉස්සර කරලා යන්න හැරුනා...

" හරි ඔයා කියන්නකෝ ඔයා උනා නම් මොනා කරයිද ජීමින් .. ? "

රෑ නිසා දැනුන පුංචි සීතලත් එක්ක ජීමින් අත් අකුලගන යුන්ගි දිහාවට හැරුනා...
" මම ටිකක් උත්සාහ කරාවි ... "

" ඒ මෝඩයා වෙනුවෙන් .. ? "
යුන්ගි ටිකක් පුදුමෙන් ඇහුවා...
" එයාට එයාගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ... "

" ඔව් ඒත් ජීව්තේ විශේෂ කෙනෙක් ගැන කතා කරද්දි සම්බන්ධකම් වලට ටික කාලයක් දෙන්න වෙනවා ... "
ජීමින්ගේ උත්තරේට අහලා යුන්ගි තත්පර කීපයක් ජීමින් දිහා බලන් හිටියා ...

" එතකොට ඒක ඒක පාර්ශ්විකයි නම් .. ඒ ගර්ල් විතරයි නම් උත්සාහ කරන්නේ... ? "
යුන්ගි අභියෝගයක් කරන්නා වගේ අහද්දි ජීමින් අඩියක් යුන්ගි ලගට ලං උනා....

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Donde viven las historias. Descúbrelo ahora