" ඒක නම් කණගාටුදායක වගේම මෝඩ ප්ලෑන් එකක් ජීමින් ... "
ටේහ්‍යුන් ජීමින් එක්ක වෙඩින් එකට ලෑස්ති වෙලා පහළට ආවේ ජීමින්ටත් බැන බැනමයි...." ඇත්තට ... දැන් කවුද කිව්වෙ Arrange marrage එකක් කියලා හිතලා marry කරන්නයි කියලා ආ .. ? "
ජීමිනුත් අතෑරියේ නෑ..." ඒත් එයා මොනවගේ කෙනෙක් ද ඔයාව සති හතක් ඉවසන්න බැරි නම් .. ? "
ටේහ්‍යුන් ගේ මූන රැලි වැටෙනකන් එයා ඇකිලුවා..." ඇත්ත .. ඒත් මගේ contract එකට expire date එකක් නෑ ... "
" හ්හා ... "
ටේහ්‍යුන් ජීමින්ට ඔලුව දෙපැත්තට වැනුවේ ජීමින්ගේ විශාල ගෙදර සාලෙට යන අතර මග බිත්තියට හේත්තු වෙලා ...
" ඇයි එයාට සති හතක් බලන් ඉන්න ඕනි ? කවුද දන්නේ සතියෙන් දෙකෙන් රැවැට්ටුවොත් ? "
සාලේ ලොකු මේසයක තියලා තිබුන කෑම වර්ග ටිකත් හදන ගමන් ටේහ්‍යුන් එතන නතර උනා...." යුන්ගි ඒ වගේ කෙනෙක් නෙවේ ... ඔව් එයා හිතන්නේ නම් දිගුකාලීන සම්බන්ධකම් සාර්ථක නෑයි කියලා තමා .. "
මේසේ වටෙන් ගිහින් ජූස් දාලා තිබුන ට්‍රේ එකක් අතට ගන්න ගමන් ජීමින් ඔලුව වැනුවා....
" You Know Taehyung ? ... ඔය සති හතේ කතාව නිදහසට කරුණක් විතරයි .. හරියට අත් හැරීමේ වගන්තිය වගෙ ... මම ඒ නිදහසට කරුණ මගේ contract එකෙන් අයින් කලා...
ඒ වෙනුවට මම ප්‍රශ්න නොඅහා cancel ම කරලා දාන්න chance එක දුන්නා ...."ටේහ්‍යුන් ආයෙත් කට ඉරක් වගේ කරලා ජීමින්ට ඇද කලා... දෙන්නම කතාවෙන්ම ගෙදරින් එලියට යන දොරට හේත්තු වෙද්දි එතනට ආවේ යුන්ගි ...
" හායි .. "
යුන්ගිගේ ලුක් එක අද ගොඩක් හැන්ඩ්සම් උනා .. කළු පාට බ්ලේසර් එක එයාට ගැලපුනා....." හායි .. "
ජීමින් හිනාවකින් හායි කිව්වත් යුන්ගි ගේ පෙනුම දැකලා ටේහ්‍යුන් නම් ගල් වෙලා..." හායි .. මම ටේහ්‍යුන් ... "
ටේහ්‍යුන් යුන්ගිට අතකුත් දික් කරේ මේ ලස්සන කොල්ලව අඳුනගන්න හිතාගන ..." යුන්ගි .. "
යුන්ගි එහෙම කියලා ටේහ්‍යුන් ට අත දුන්නත් ටේහ්‍යුන් යුන්ගි ට දැම්ම බැල්ම එක්ක යුන්ගි ට හිනාත් ගියා ...." අහ්ම් ... මේ යුන්ගි .. "
ජීමින් ආයෙත් ටේහ්‍යුන් ට මතක් කලේ එයා අත අල්ලන් ඉන්න කෙනා යුන්ගි බව ටේහ්‍යුන් ට තේරුම් කරන්න ....
BẠN ĐANG ĐỌC
ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️ ( YOONMIN ) - Completed
Fanfiction| Requested Story | ~~~ So .. The Plan is Called .. 𝐓𝐮𝐞𝐬𝐝𝐚𝐲𝐬 𝐚𝐧𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲𝐬 ... ! 🗓️ • 𝘽𝙖𝙨𝙚𝙙 𝙤𝙣 𝘼 𝙈𝙤𝙫𝙞𝙚 𝙏𝙤𝙥 : Min Yoongi 𝘽𝙤𝙩𝙩𝙤𝙢 : Park Jimin ( 32 ) Start - 2022.07.08 Finished - 2022.10.16