0.4

167 50 27
                                    


යුන්ගි ජීමින්ට එහෙම කියලා store එක ඇතුලට යද්දිත් ජීමින් යුන්ගි කිව්ව දේ ගැන කල්පනාවෙන් හිටි තැනම හිටන් හිටියා...
" What .. හහ්... "
ඒක තේරුන නිසාම ජීමිනුත් වෙඩිල්ල වගේ store එක ඇතුලට ගියේ යුන්ගිටත් කියා දෙන්න හිතාගන ...

" ඔයා වගේ අය ජීවත් වෙන්නේ මනඃකල්පිත ලෝකයක .. "
ජීමින් එහෙම කියාගන store එක ඇතුලට එද්දිත් යුන්ගි පොතක් අරන් ඒක දිහා බලන් හිටියා....
ජීමින් ඔලුවත් දෙපැත්තට වනලා යුන්ගි ලගට ගියා....

" ගොඩක් මිනිස්සු පොත් Order කරන්නේ Online .. මමත් ඔයාගේ පොත කියෙව්වෙ Online .. "
ජීමින් , යුන්ගි දිග ඇරන් හිටිය පොත වහලා දාන ගමන් එහෙම කිව්වා...

" ඒකයි ඔයා ඒකට කැමති නැත්තේ ... "
යුන්ගි තරහින් රවාගන ජීමින්ගේ මූණට ලං උනා....
" පොතක් අතට ගත්තම දැනෙන හැඟීම ... ඒක .. ඒ පොත් වල සුවඳ .... "
යුන්ගි අතේ තිබුන පොත නහයට ලං කරලා හිනා වෙද්දි ජීමින් ඇස් කැරකෙව්වා..

" හ්හා .... අපි යමුද ... කේක් ගැන බලන්න කලින් මට පැට් ව හම්බවෙන්න ඕනි ... "
ජීමින් යුන්ගිගේ lecture එක ඇති වෙලා නිසා හුස්මක් පිට කරලා එහෙම කියද්දි යුන්ගි හිත් රිදීමෙන්ම අහක බලාගත්තා...

" හ්ම්ම් ඔයා යන්න ... මම පස්සෙ එන්නම් .. "
යුන්ගි මූනත් එල්ලගන එහෙම කිව්වෙ දුකින් ..

" ච් එහෙනම් මොන එහෙකටද ඔයා මගේ කාලේ මෙහෙම නාස්තිකලේ ... "
ජීමින් ආයෙත් එහෙම අහද්දි යුන්ගි හිටියේ තවත් පොත් රාක්කයක පොතක් අදින ගමන්...

" මට දුකයි ජීමින් .. This place is like my .... මේක මගේ පොඩි කාලේ කොටසක් වගේ.... "
යුන්ගි දුකෙන් වටේ තියෙන රාක්ක වගේම ඒ පොත් දිහා බලාගන හූල්ලද්දි ජීමින් ආයෙත් හුස්මක් ගත්තා...

එයා හෙමින් යුන්ගි ලගට ඇවිදන් ගියා.. මොනා උනත් යුන්ගි ඉන්නේ අවුලෙන් දුකෙන් බව ජීමින් තේරුම් ගත්තා...
" Sorry ... ඔයාට ඕනි නම් මම ඔයාව හග් කරන්නද .. ? "
ජීමින් එහෙම අහද්දි යුන්ගි එල්ල ගත්ත මූණෙන් ජීමින් දිහා බලන් හිටියා...

" come .. "
යුන්ගි ට පුංචි හිනාවක් දාලා ජීමින් එයාව වැළදගත්තා...
යුන්ගිත් ජීමින්ගේ පුංචි ඉනෙන් අත දාලා එයාව ආපස්සට වැලදගත්තා....

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Donde viven las historias. Descúbrelo ahora