වාහ්..අද නම් මාර ලස්සන යි ...
අද නම් එලියට බහින්නම ඕනෙ..ජන්කුක් හිතුවෙ එහෙම...
ඔව්..පහුගිය දවස් ටිකේ හැමදාම වගේ ශෝ තිබුන නිසා ඔහුට හුස්ම ගන්නවත් ඉඩ තිබුණ නෑ ..ඒක නිසා අකමැත්තෙන් හරි ජන්කුක්ට පොඩි බ්රේක් එකක් දෙන්න බිග් හිට් එකට සිද්ධ උනා..
මේ පාර නිවාඩුව සතියකට සීමා උනත් ඒක උපරිම ප්රයෝජනයට ගන්න ජන්කුක් හිතුවෙ එයාට පහුගිය ටිකේ පවුලෙ අයව ගොඩක් මගහැරුනු නිසා...
අද උදේම නැගිටල ජන්කුක් රෙඩි උනේ ජොගින් යන්න හිතාගෙන...
ටික දුරක් යනකොට ජන්කුක් තමන්ගෙ ශු එකේ ගැලවිලා තිබුනු ලේස් එක ගැටගහගෙන නැගිටිනවත් එක්කම ජන්කුක්ගෙ අතේ වැදිලා ගෑනු කෙනෙක් වැටෙන්න ගියේ හිතන්නවත් වෙලාවක් නොතියා...
ඒත් කිසි කෙනෙක් වැටුනු බවක් නම් එතන පේන්න තිබුනෙ නෑ..
මොකද ,ජන්කුක් ඒ ගැහැනු කෙනා නෑ ඒ ගෑනු ලමයගෙ බද වටේට අත දාලා වැටෙන එක වළක්වපු නිසා..තාමත් තොල හපාගෙන ,ඇස් තදින්ම පියාගෙන අත් ගුලි කරගෙන තමන්ගෙ අත උඩ බාගෙට හිටගෙන ඉන්න කෙල්ල දැකපු ජන්කුක්ට පොඩි හිනාවක් ගියේ හිතෙ කොනක ඒ රූපය ඒ විදියටම ඇදෙද්දී...
එක ඇහැක් ඇරල බලපු කෙල්ල ආයෙත් වැටෙන්න ගියේ කලු මාස්ක් එකකුත් දාලා හූඩි එකකින් ඔලුව වහගෙන හිටපු කොල්ලව දැකල බය උනු පාරට....
ආයෙමත් වැටෙන්න ගිය කෙල්ලව කෙලින් කරපු ජන්කුක්
"මියාන්හේ මැඩම්...මන් දැක්කෙ නැති නිසයි...."
"නෑ නෑ ඒක ප්රශ්නයක් නෑ බොහොම ස්තුති මාව වැටෙන්න නොදී බේරගත්තට...නැත්තම් මට කොලේජ් එකට යන්න වෙන්නෑ අද..
කුමාවෝ ..එහෙනම් මන් ගිහින් එන්නම්...හමුවීම සතුටක්.."ජන්කුක්ට කියන්න නොදී ඇදුමත් හද හද ඔලුවත් නම නම කියෝගෙන යන කෙල්ල දිහා ඔහු බලන් හිටියෙ හිතේ දාහක් දේ මැවෙද්දියි..
කෙල්ලට යන්න ඉඩ දීලා ජන්කුක් එහාට උනත් ජන්කුක්ගෙ හිත කිව්වෙම එයාට යන්න දෙන්න එපා කියල මයි....
හිතනවද ලෝකප්රසිද්ද ජොන් ජන්කුක්ගෙ හිත අල්ලගන්න ඒ කෙල්ලට පුලුවන් උනා කියල .. මේ තරම් පොඩි දේකින්..