📞....📞....
"අන්යොසෙයෝ හ්යුන් මට ඔයාව පේනවා ...වම් පැත්ත බලන්න ..."
අද නම් වෙනදා වගේ වෙරළේ තනි මකන්න මිනිස්සු හිටියෙ නැති තරම් .... එකත් අතකට ඒක වෙරලෙ කොනක තියෙන බෙන්ච් එකක වාඩිවෙලා තවත් කෙනෙක්ගෙ පැමිනීමක් බලාපොරොත්තුවෙන් මුහුදෙ රැලි ගනන් කරමින් හිටපු මිස්ටර් ජන්කුක්ට නම් ලොකු නිස්කලංක බවක් ගෙනත් තිබුනා...
ටිකවෙලාවකින් තමන් බලාපොරොත්තු උනු රුව වෙරලෙ කොනක සටහන් වෙද්දී ජන්කුක් ඔහුට හරි ලස්සනට හිනාවෙලා අත වනලා දුරකතනයක් ආදාරයෙන් තමන් ඉන්න තැන පෙන්නුවෙ දාහක් දේ හිතේ හිර කරන්...
"ජන්කුකා...."
ආපු හදිස්සියටම උනුසුම් වැලද ගැනීමකින් දෙන්නට දෙන්නා පිලිගත්තෙ, ආදරණීය කතා බහක පලමු අදියර විදියට මන් හිතන්නෙ ...."හ්යූන් ...මේ මාස දෙකකින් විතර මන් හිතන්නෙ "
"ම්ම්ම් ...හැමෝම හොදින් නේ"
"හිතාගන්න බෑ හ්යුන් .."
"කාලය හැමදේම විසදාවි.."
"ඒත් කාලය උනත් මට හරස් කපනව වෙන්න බැරිද හ්යුන්.."
ජන්කුක්ගෙ පිලිතුර හමුවෙ ජිමින් නිරුත්තර උනාද මන්දා.."හෙට දවස මතකද හ්යුන්.."
"ඔයා හිතනවද මට ඒ දවස අමතක වෙයි කියල ...ම්ම්ම්"
"නෑ කවදාවත් නෑ.. එහෙම නේද ..හේලිගෙ ආදරවන්තයා..."
ඇත්තෙන්ම මන් දැනගෙන හිටියෙ නෑ පාර්ක් ජිමින්ට කදුලු හන්ගන් හිනාවෙන්න මේ තරම් හැකියාවක් තිබුණු බවක්..
_______________________________________________
"යාහ් චූටි නැගිටිනවා ..කොලේජ් එකට ආවා.."
"මො මො.. දේ බායි.."
අද නම් හේලිට එච්චර සුබදායි උනේ නෑ මන් හිතන්නෙ මොකද ,
තමන්ගෙ සහෝදරයා කොහෙත්ම පරක්කුයි කියන වචනෙට අවනත උනේ නෑ...ජන්කුක් උදේම හේලිව ගෙදරින් එක්කරගෙන ආවත් ජොන් හේලි නම් එන අතරමගදිත් කලේ නිදියගන්න එකමයි...
අකුනක් ගැහුවා වගේ ජන්කුක්ගෙ කටහඩට අවදි උනු හේලි මෝටර් රථයෙ දොරත් ඇරගෙන යන්න ගියේ තමන්ගෙ බෑග් එක පවා අමතක වෙද්දි....