තනිකරම සුදු රෝස මල් වලින් සැරසිලා තිබුනු ජොන් මන්දිරයේ වෙනදා තිබුනු මලානික ගතිය පහව ගිහින් නැව්ම් සුවදක් එන්න පටන් අරන්..
"ලෝකප්‍රසිද්ද ගායක ජොන් ජන්කුක්ගෙ විවාහය.."
මීට සතියක කාලයක ඉදන් සෝශල් මීඩියා වල සැරිසරන එකම මාතෘකාව ...ඉතින් අද තමා ඒ දවස.ඇත්තෙන්ම මේ විවාහය ලෝකප්‍රසිද්ද වුනත් ඒකට සහභාගීවීම නම් ජොන් පවුලෙ අයට අමතරව වෙනත් කීපදෙනෙකුට පමණක් සීමා උනා.ඒ වගේම චාම් උනත් , ලක්ශරි විවාහයක සේයාවක් ජොන් මන්දිරය තුල පේන්න තිබුනා...
දූ වෙලාව හරි ඉක්මන් කරන්න පැටියෝ..අපි දැන් යන්න ඕනේ
ඔම්මා..
අනේ රත්තරනේ ඇයි මේ..මේ වෙලාව අඩන වෙලාවක්ද..
ම්ම්ම්..
කෝ ඉතින් හිනාවෙලා ඉන්න..අද මගේ කෙල්ල කුමාරිකාවක් වගේ...
මිසිස් ජන්ග් තමන්ගෙ එකම දියනිය උනු ජන්හිව තද වැලදගැනීමකින් උනුසුම් කරන්න උනා..__________________
මොන ඇදුම ඇන්දත් මුලු ලෝකයක් පිස්සු වට්ටන්න පුලුවන් උනු සුප්‍රසිද්ධ ගායක ජන්කුක් ජොන් තමන්ගෙ විවාහය දිනයෙ කොයිතරම් ලස්සන ඇත්ද ඊටත් වඩා කොයිතරම් කඩවසම් ව ඉන්නවා ඇත්ද..
ඔව් ඇත්තෙන්ම ඔහු කුමාරයෙක් වගේ..අල්තාරය උඩ තමන්ගෙ අනාගත බිරිඳ වෙනුවෙන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ජන්කුක්ට මේ කිසිම දෙයක් ගැන ගානක් උනේ නෑ..
ඊට මොහොතකට පසුව දැකගන්න ලැබුනෙ පාක් ජිමින්ගෙ වැලමිට ගාවින් හරිම ආචාරශීලීව තමන්ගෙ අත පටලවගෙන ඉන්න ජන්හිව..
පාක් ජිමින්..!
කථිකාචාර්ය ජන්ග් ජන්හිට හිටපු හොදම මිත්‍රයා වගේම,
තමන්ගම නොවුනත් ආදරණීය සහෝදරයා..! ඔව් ඉතින් ඔහුට අවස්ථාව ලැබුනා මොහොතකට ජන්හිගෙ තාත්තගෙ වගකීම සිද්ධ කරන්න..ජන්හිගෙ අත ජන්කුක්ගෙ අත්ල උඩින් තියපු ජිමින්,
එහෙනම් මගේ යුතුකම ඉශ්ට කලා ඔන්න.!!
මෘදු සිනහවකින් මුහුන පුරවාගත්තු ජිමින් මිසිස් ජන්ග් ට එහා පැත්තෙන් හිටගත්තා..
ඉතින් සදහටම ජන්ග් ජන්හී, ජන්කුක් ජොන්ගෙ ආදරබර බිරිද උනා..
උත්සව අවසානයත් එක්කම මනමාල යුවල සූදානම් උනේ මංගල රාත්‍රිය සදහා වෙන් වුනු හෝටලයට පිටත් වෙන්න...
ලස්සන අහඹු ආදර කතාවක අවසානයත් උදා උනා...එක් අයෙක් ඇරෙන්න අනික් හැමෝම සතුටින් .. නමුත් ඇදී ගිය සියුම් ඉරකට සමාන කරන්න පුලුවන් සිහින් හිනාවක් මුහුනෙ දවටාගත්තු ඔහු මුලු හදවතින්ම ඔවුන්ට සුභ පැතුවා..!
හැමෝගෙම අත්පොළසන් මැද්දෙ ජන්කුක් ජොන් තමන්ගෙ බිරිඳ උනු ජන්හිව මෝටර් රථය අසලට එක්කන් එනාවාත් සමගම,
"ජන්කුක් මට පොඩි වෙලාවක් දෙන්න"
"හරි.."
අ ආපසු හැරුනු ජන්හී ජොන් නිවසෙ එලිමහන් බංකුව ලගට
අඩි කීපයක් පියමැන්නා..ජිමිනි..
ඕහ් ජන්හි..මන් කතාකරන්න හැදුවා ඒත් එතන කට්ටිය වැඩී නිසා.. ඒකයි මන්..
නොහිතපු වෙලාවක ජන්හිගෙන් ලැබුනු ආදරණීය වැලද ගැනීමත් එක්ක ඔහුගෙ ඇස් වලට කදුලු වගුරන්න උනා..ජන්හි නම් අඩන ගමන් මයි..
මැට්ටී...අඩන්නෙපා ..පරිස්සමෙන් ගිහින් එන්න..හරිද..
ම්ම්ම්
ටිකවෙලාවකින් ජන්කුක් එතනට ආවත් ජිමින්ව අතාරින්න හිතක් ජන්හිට නම් තිබුනෙම නෑ..
කොහොම හරි ජිමින් ජන්හිව තමන්ගෙන් ඈත් කරලා ජන්කුක් ලගට කරා..
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි උබලා දෙන්නට..අමතක කරන්නෙපා මේ හ්යුන් ඕන දේකට උබලා එක්ක..
අයෙමත් දෙන්නම ජිමින්ව එක එල්ලෙ වැලදගත්තෙ ඒ බැදීම සදාකාලිකයි කියන්න වගේ..
ඉතින් ජීවිතේ වටිනම දේ තමයි සැනසීම..
ඒක ඒ විදියටම ජන්හිටත් ජන්කුක් නිසා ලැබෙන්න ඇති කියල මන් විශ්වාස කරනවා..තවමත් ජීවිතේ සැනසීම හොයන ජිමින්ට සැනසීම කියන දේ කොහොම ලැබේවිද..
ඔහුටත් අනිවාර්යයෙන් සැනසීම ලැබේවි..
හොදින් හෝ නරකින්..!
ඒකයි දෛවය..!