5.Wishes

694 168 79
                                    

"නෑ, ඔයා මට වෛර කරන්නෑ රෝසමල."ජියොන්ගේ පියවර එක්ක තමන්ගේ පියවර මෙහෙයවපු ටේහ්‍යොන්ග් තමන් දිහා බලන් ඉන්න ඒ අන්ධකාර ඇස් වලින් එක මොහොතකටවත් මිදෙන්න කැමති වුනේ නෑ."ඔයා වෛර කරන්නේ ඔයාට මාව ඕනේ වෙන එකටයි."

"හිතේ ඇති."

"ඕහ්.විශ්වාස කරන්න රෝස මල, මගේ හිතේ ගොඩක් දේවල් තියෙනවා."ජියොන්ගේ ඇස් වල වෙනදා නොදැක්ක අමුතු හැඟීමක් ඇඳෙද්දි ටේහ්‍යොන්ග් ඒ කටහඬට තවත් මත් වුනා."මගේ හිතේ තියෙනවා, ඔයා මේ හෝල් එකට ආව මොහොතේ ඉඳන් ඔයාගෙන් අයින් නොවුන ඇස් වලින් උදුරගෙන, ඔයාව මගේ කාමරේට අරගෙන යන්න.මගේ හිතේ තියෙනවා, මේ ඇඳුම ඔයාගෙ ඇඟෙන් අයින් කරලා, එක කෙළවරක ඉඳන් හෙමීට ඔයාව රස බලන්න.මගේ හිතේ තියෙනවා, ඔයා මගේ ඇඳේ දිගා කරලා ඔයාගේ උපරිම මට්ටමට එනකම්ම ඔයාව විඳින්න.ඔයාට ආයෙමත් කතා කරගන්න බැරිවෙනකම්ම ඔයාගේ හැම කෙඳිරියක්ම, හැම කෑගැහිල්ලක්ම අහන්න.මගේ හිතේ තියෙනවා,ඔයාව අද රෑට එහෙම හැඟීම් වලින් මත් කරවලා ඔයාගෙ ඇස් වල හැංඟිලා තියෙන මේ හැඟීම් එළියට ගන්න.ඒ වගේම මගේ හිතේ තියෙනවා..."ජියොන් නැවතිලා, ටේහ්‍යොන්ගේ ඉන වටේ අතක් යවද්දි ටේහ්‍යොන්ග්නුත් පියවරේ හැටියට ඉනෙන් නැවිලා ආයෙමත් කෙලින් වෙද්දි ටේහ්‍යොන්ගේ අත් දෙකම ජියොන්ගේ පපුව මත රැඳුනා."මගේ ජීවිතේ ඉතුරු හැමදවසකම ඔයාව තුරුලු කරන් ඇහැරෙන්න."

ඒ වචනත් එක්ක ටේහ්‍යොන්ගේ ඇස් ලොකු වෙද්දි ජියොන් ටේහ්‍යොන්ගේ තොල් වලට ඇස් දෙක අරන් ගියා."රෝසමල.."ජියොන්ගුක් කොඳුරද්දි ටේහ්‍යොන්ග් සුපුරුදු විදිහටම යටිතොල හැපුවා.තව තප්පරයක් පරක්කු නොවුන ජියොන් ටේහ්‍යොන්ගේ යටි තොල තමන්ගේ තොල් අතරට ගද්දි ටේහ්‍යොන්ගේ කටින් හීනි කෙඳිරුමක් පිටවුනා."ම්හ්ම්.."

ටිකකින් වටපිටාවම නිශ්ශබ්ද වෙලා සංගීත සද්දෙත් නතර වෙනවා වගේ දැනුන ටේහ්‍යොන්ග්, කිස් එකෙන් හෙමීට මෑත් වෙද්දි මුළු හෝල් එකම අත්පුඩි ගහන්න පටන්ගත්තා.එතකොටයි ටේහ්‍යොන්ග් දැක්කේ ඩාන්ස් ෆ්ලෝ එකේම ඉඳලා තියෙන්නේ ඒ දෙන්නා විතරයි කියලා.

"සුභ පැතුම් පුංචි සහෝදරයා!"අත්පුඩි අතරෙන් ඇහුන තමන්ගේ හ්‍යොන්ගේ කටහඬ වගේම තව කීප දෙනෙක්ගෙම සුභ පැතුම් ඇහුන ටේහ්‍යොන්ග්ව ලැජ්ජාවෙන් රතු වුන නිසාම, එයා ජියොන්ගේ පපුව උඩ තිබ්බ අත්වලින් මූණ වහගෙන එයාට තුරුල් වුනේ තමන්ගේ ඉනේ තිබුන ඒ අත්වල ග්‍රහනේ තමන්ව තවත් තදින් තුරුල් කරගන්න අතරෙයි.

"ඇයි ඔයා මාව කිස් කළේ?"ටේහ්‍යොන්ග් ජියොන්ගුක්ට ඇහෙන නෑහෙන ගාණට මිමිණුවා.

"මට දැනගන්න ඕනේ වුනා ඔයා මොන රසද කියලා?"රජතුමා උත්තර දෙද්දී ටේහ්‍යොන්ග්ව චෙරි පාට වුනා.

"ඉතින් මන් මොන රසද?"

" 'මට විතරක් අයිතියි' කියන රස."

ඒ උත්තරේ නිසා ජියොන්ගේ පපුවෙන් මෑත් වුන ටේහ්‍යොන්ග් එයාගෙ පපුවට අත මිට මොළවලා හෙමීට ගැහුවා.
"මන් ඔයාට වෛර කරනවා.මෝඩ ගෝනිබිල්ලා."

ඒක ඇහුන බුසාන් රජතුමාගේ මූණේ, ඩේගු කුමාරයා ජීවිතේ පලවෙනි වතාවට දැක්ක ආදරණීයම හිනාව ඇඳුනා.

"මාත් ඔයාට ආදරෙයි රෝසමල."

- නි මි -

______________________________________________________

A/N
මේ පොඩිම පොඩි කතාව එක්ක හිටියට ගොඩක් ස්තූතියි.
අන්තිමේදි හරි මන් වෙනුවෙන් කතාව ගැන දැනුන විදිහ කියන් යයි කියලා හිතනවා.

මේ චැප් එක පටන් ගනිද්දිත් දාපු සෝන්ග් එක අහයි කියලා හිතනවා.

Labyrinth එකයි, His Galaxy Eyes එකයි ඉක්මණටම දෙන්නම්.

පරිස්සමෙන් ඉන්න.
ආදරෙයි🌹

-සෙනූ-

Dancing With Death | TK | ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin