තිස් හයවන වැරැද්ද

1.4K 235 179
                                    

Is It My Fault...  ලගටම වී.....

💚 මන් දොයී......😊😊😊

ම්... ඇත්ත.. විනාඩි දහයක් නෑ පුතු පැටියා ශාන්ට ඔය වචන දෙක කියලා..  ශාන් කකුල් මසාජ් කරද්දි පුතු පැටියා සනීපෙටම නින්දට වැටුනා...

චූටී කොට කලිසමකට ශාන් පුතුට ඇදුමක් ඇන්දවද්දි ඒ වෙලාවේ සත්තයි ශාන්ගේ මුළු හදවතම වේදනාවට පත් උනා.. මොකද ඒ තිබ්බේ අවුරුදු තුනකට කලින් ශාන් වන්ග් නිවසෙදි ඇන්ද ඇදුමක්.. අතීතය අමතක යීබෝ කොහොමද මේ ඇදුම් ගැන දන්නේ.. 

ඒත් ශාන් කොහොමද ඒක මේ කොල්ලගෙන් අහන්නේ... නෑ.. ඊට වඩා හොදම දේ මේ ඔක්කොම පොඩ්ඩව නිදි කරලා ගිහින් ශාන් යොන්දෝගෙන් අහන එක නෙවෙයිද.. ඉතින් ශාන් ඉවසුවා.. පුතු පැටියා දැන් නිදි.. ඒත් ශාන් තව පැය කාලක් මේ කකුල් දෙක මසාජ් කරන්න ඕනේ...

❤️ මට ඕනේ ගේ පුරාම දුවලා හති වැටිලා පපා මාන්සී කියලා වඩා ගන්න පුතුව කියලා කියන පුතුව.. ඔයා මෙහෙම ඉන්න බෑ රත්තරන්.. ඔයාට මේ ලස්සන ලෝකේ බලන්නම වෙනවා.. මන් කොහොමහරි ඔයාව ඉස්සර වගේම ඇවිද්දනවා...

අවසානයේ ශාන් ඇදෙන් නැගිට්ටේ පුංචි පුතුගේ බෙල්ල ලගටම වැහෙන්න ඝනකම් බ්ලැන්කට් එකක් දාලා.. මොකද දැන් හවස් කාලය.. ගොඩාක් වෙලාවට රෑට මේ පැත්තට වහිනවා.. ඉතින් කොල්ලට පුරුදු නෑ මේ සීතල පරිසරය..

❤️ පැය දෙකක් දොයියෑවොත් තමයි මල් බලන්න එක්ක යන්නේ... මගෙ පුතුවා...

ශාන් ඒ නිවි සැනසිල්ලේ පියවෙලා තියෙන ඇස් දෙකට තිබ්බේ චූටී හාදු දෙකක්.. හැබැයි ඒ හාදු දෙකටම කොල්ලගේ මුවත් චුට්ටක් විවර වෙලා...

❤️ කටත් ඇරන් මොනවද දැන් ඉල්ලන්නෙ... ඔයා නම් මැණික.. වල් බට්ටා...

ශාන් ඒ හිස අත ගාලා කාමරෙන් එලියට ආවා...

ම්...  දැන් තියෙන්නේ යොන්දෝව හොයන් යන්න... ඉතින් ශාන් ගෙයින් එලියට බැස්සේ යොන්දෝව හොයන් යන්න උනත් ගේ ඉස්සරහා තියෙන බංකුව උඩට වෙලා යොන්දෝ ගොඩාක් ඈත බලන් හිටියා.. හරියට එයා ශාන් එයා එනකල් බලන් ඉන්නවා වගේ....

 ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ?                               ✓ Where stories live. Discover now