විසිවන වැරැද්ද

1.3K 228 132
                                    

Is It My Fault..

" මින්ග් කෝ චූටී මල්ලී.."

ඔෆිස් ගියත් ඉන්න හිතක් නැතිකොට යොන්දෝ ටෑන්ව ඔෆිස් එකේ තියලා දවල් වෙද්දි ගෙදර දුවන් ආවේ පුංචි කොල්ලා ගැන බය නිසා.. ඒ ගෙදර එද්දි මින්ග් එක්ක කුශී අම්මයි තාත්තයි එක්ක කෑම මේසේ වාඩි වෙලා කෑම කද්දි යොන්දෝ ටිකක් සද්දෙන් අහද්දි මින්ග් නැගිට්ටා පුටුවෙන්...

" ලොකු අයියා.. ඔයා කලින් ආවද.. "

" ඔව් කෝ චූටියා.. එතකොට අරූ "

" එන්නකො කියන්න.. "

මින්ග් යොන්දෝගේ අතින් අල්ලන් පඩිපෙල නගින්න පටන් ගත්තා.. යොන්දෝ මින්ග් දිහා බලන් ඉද්දි මින්ග් යීබෝගේ කාමරේට නොයා දොරට එහායින් නතර වෙද්දි.. මින්ග් පටන් ගත්තා කතාව..

" ලොකු අයියා.. අර මැරයා හරි අමුතුයිනෙ.. "

" ඒ කිව්වේ.. "

" ඔයා වගේම එයා මල්ලි බබාව බලාගන්නවනෙ ලොකූ.. හැබැයි අපි ලග පාත නැත්තම් විතරයි.. ඔයා දන්නවද මල්ලිගේ පිට රිදෙනවා කියලා මල්ලිට දොයියන්න බෑ කියලා එයාට අත් දෙක දික් කරද්දි දෙපාරක් හිතන්නැතුව ඒ යකා මල්ලිව වඩාත් ගත්තා.. ඊටපස්සෙ නිදි කරවලා මල්ලිව ඔඩොක්කුවම තියන් ඇහැරෙනකල්ම මල්ලිව තුරුල් කරන් හිටියා.. "

" අහ්... "

මින්ග් ගෙ කතාවත් එක්ක ශාන් ගෙදරට ආව ගමන් යීබෝ හැසිරුන විදිය වගේම යීබෝගේ ඇස් වල තිබ්බ දිස්නේ ඒ වගේම මැර ශාන්ගේ මූණෙ තිබ්බ චූටී හිනාවත් එක්ක යොන්දෝට හිතාගන්න බැරි උනා මෙතන වෙන්නෙ මොකක්ද කියලා..

" ලොකූ.. තව දෙයක්.. ශාන් අයියට කන්න එන්න බෑ කියලා මල්ලිව පහළට එක්ක යන්න කිව්වාම මල්ලී මේ පඩිපෙලේ ඉදන් හොදටම ඇඩුවා.. "

" ඇඩුවා..😳😳 ඇයි ඒ.. "

" එයාව හංගන් හිටපු කාලේ ශාන් එයාව හොදට බලාගත්තලූ.. බඩගින්නෙ තිබ්බෙ නෑලූ.. මල්ලි තරම් ශාන් අයියා ගැන අපි දන්නෙ නෑනේ කිව්වා.. එයාව බඩගින්නෙ තියන්න බෑ කියලා කාමරේට දිව්වා.. ඊටපස්සෙ මන් කෑම ගිහින් දුන්නා දෙන්නටම.. මන් ඒ යද්දි මල්ලි බබා අඩනවා...ශාන් අයියා එයාගේ අත් දෙකම අල්ලගෙන හිටියා.. ඔයා දන්නවද ශාන් අයියා මට පොරොන්දු උනා මල්ලිට රිද්දන්නෙ නෑ කියලා.. ඇයි අයියා මට හිතෙන්නෙ එයා අපි හිතන තරම් නරක නෑ කියලා.. 🥺🥺"

 ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ?                               ✓ Tempat cerita menjadi hidup. Temukan sekarang