විසිහතර වන වැරැද්ද

1.4K 226 103
                                    

Is It My Fault..

තමන්ගෙ ඔඩොක්කුවේ වාඩි වෙලා තමන්ගෙ පපුවෙ උනුසුමට ඔලුවත් පපුව අස්සේ ඔබාගෙන හොද සැප නින්දක ඉන්න තමන්ගේ ආදරණීය පොඩි කොල්ලා.. යීබෝ.. ශාන් උන්නේ කොල්ලව තුරුල් කරගෙන..

යොන්දෝගෙන් උදව් ඉල්ලුවට මොකද ඉතින් ශාන් තාම කතා කරන්න පටන් ගත්තේ නෑ.. ශාන් කතා කරන කල් කවුරුත් ශාන්ට කරදර කරෙත් නෑ...

ශාන් තමන්ගේ පුංචි කොල්ලා.. පපා කියන නිසාම පුතූ කියලා කිව්වට මේ ඉන්නේ තමන්ගෙ පුතෙක් නෙවෙයිනේ.. වයසින් බැලුවොත් චාන්ට වඩා හරියටම අවුරුදු  දහයක් මේ පුංචි කොලුවා බාලයී.. අවුරුදු 19ක් කියන්නේ ඉතින් තාම පුංචි කොලුවෙක්නේ.. අනිත් එක හුරතල් අතින් ගත්තොත් වගේම අහිංසක අතින් ගත්තොත් යීබෝ කියන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම අහිංසක හුරතල් කොල්ලෙක්...

ඒත් එක දෙයක්.. මේ ඉන්නේ කෙල්ලෙක් නෙවෙයි.. එයා දුර්වල නෑ.. එයාටත් හයිය තියෙනවා.. ඒත් ඒක කවුරුත් මේ වෙනකල් තේරුම් ගත්තේ නැත්තෙ කොල්ලගේ හයියට වඩා හුරතරේ හා අහිංසක කම කියන දේ ඕනාවටත් වඩා ඉස්මතු වෙලා තියෙන නිසා..

ඉතින් කොල්ලා වත් දන්නෙ නෑ තමන් හයිය කොල්ලෙක් කියලා.. හැමදාම අයියලගෙන්.. ශාන්ගෙන් යැපෙන්නේ ඒ නිසයි.. ඒත් දවසක මෙ ඔක්කොම නැති වෙලා ගියොත් මේ අහිංසකයා ජීවත් වෙන්නේ කොහොමද...

❤️ යොන්දෝ

" කියන්න.. "

❤️ ඔයාගේ මල්ලී.. නෝන්ජලෙක් නෙවෙයි නේද...

" ආහ්...ඒ කිව්වේ.. උබ මොකක්ද කියන්න යන්නේ.. "

යොන්දෝ ටිකක් තදින් ඇහුවත් ඒ හඩේ කේන්තියක් නම් තිබ්බේ නෑ.. මොකද ඒ ශාන් ඇහුව කතාව ශාන් අතින් යීබෝ රේප් වෙච්ච වෙලාවේ යොන්දෝ තමන්ගෙ හිතින්ම අහගත්ත දෙයක්..

❤️ හැමෝටම රිද්දන්න.. හැමෝම මෙයාගෙන් සතුටු වෙන්න.. හැමෝම මෙයාව පාවිච්චි කරන්න ගන්න ඕන කෙනෙක්ද දැන් මේ ගුලි වෙලා ඉන්නේ...

ශාන් යොන්දෝගේ මූණ දිහා කෙලින්ම බලාගෙන අහද්දි යොන්දෝ හිස සැලුවේ නෑ කියන්න..

 ¿ 𝐼𝑠 𝐼𝑡 𝑀𝑦 𝐹𝑎𝑈𝐿𝑡 ?                               ✓ Donde viven las historias. Descúbrelo ahora