Teahyung Pov....ඉපදුනු දවසේ ඉඳලා කොරියාවේ හැදී වැඩුනු මන් හිටියේ ඔම්මා අප්පා සහ මගේ නිවුන් සහෝදරයෝ දෙන්නා එක්කයි..
මේ වෙනකොටටත් මම කෝලේජ් එකේ ෆයිනල් ඉගෙන ගනිමින් හිටියේ...ඒත් හදිස්සියේම ඔම්මා මාව කැනඩා යැව්වා යෙයිශිව මුණ ගැහෙන්න.
යෙයිශි කියන්නෙ අපිව පොඩි කාලේ ඉඳලා හදාවඩා ගත්තු කෙනා..සමහර පවුල් තිබුනා කුසින් වදපු දෙමාපියන්ට වඩා වෙන කෙනෙක්ට භාරකාරත්වය දෙන..එහෙම පවුලක් තමයි අපිත්..මගේ අම්මයි තාත්තයි සමාන්ය පවුලක් වුනත් කිම් යෙයිශී සල්ලිකාර වගේම එයාට විදේශීය ආභාසයක් තිබුනා..
හදිස්සියේ හරි අපේ දෙමාපියන්ට කරදරයක් වුනොත් එතනින් එහාට අපේ සම්පූර්ණ භාරකාරත්වය කිම් යෙයිශිට හිමි වෙනවා..යෙයිශිගේ මව කොරියන් ජාතිකයෙක් වුනත් ඔහුගේ පියා ඇමරිකන් ජාතිකයෙක් වුනා..ඒ නිසා ඇයට කොරියන් භාෂාව පුලුවන් වුනේ තරමක් දුරට විතරයි..
"ටේ පුතා..මොනවද ඔච්චර කල්පනා කරන්නෙ."
ෆ්ලයිට් එකෙන් බැහැලා අපි යෙයිශිගේ නිවසට යමින් හිටියේ..මාව එක්ක ආවේ යෙයිශිගේ ලෝයර්ගෙ ක්ලාක්..ඒ මගෙ දෙමාපියන්ගේ අනුදැනුම මත.
"මුකුත් නෑ ජූසාන් අන්කල්...යෙයිශි හදිස්සියෙම ඇයි මට එන්න කිව්වෙ."
"අනේ මන්දා පුතා..මියොන්සු මැඩම් කිව්වෙනම් එහෙම හදිස්සියක් නෑ කියලා.."
"ම්ම්ම්ම්"
මියොන්සු කියන්නෙ යෙයිශිගේ ලෝයර් වගේම දෙන්න හොඳම යාලුවෝ..දෙන්නටම අවුරුදු 30 ක් විතර වයස ඇති..තාම තනිකඩයි..
"පුතා ඔයා කැනඩාවට ආස නැද්ද."
"ඔයා දන්නවනේ අන්කල්..යෙයිශි හරිම බෝරින්ග්..එයා ඉන්න තැනට යනවා කියන්නෙ හිරේ විලංගුවෙ වැටුනා වගේ තමයි.."
"ඒත් ඔයාගේ හස්කිලා ටික ඇති."
"ම්ම්ම්.ඔව්..එයාලා තාම ඉන්නවා කිව්වද අන්කල්"
"මන් දන්න විදිහට ඔව්."
"අපි මෙහේ කොච්චර කාලයක් ඉන්නවද?"
"යෙයිශි නෝනා කියන කාලයක් තමයි."
"එතකොට මගේ කොලේජ් ගමන"