🌸Chapter 13🌸

92 20 12
                                    

Taehyung Pov....

"හියුන්ගී..ප්ලීස් නවතින්න.අනේ.කොහෙද යන්නෙ"

මට තවත් කුකීගෙ ඉස්සරහ ඉන්න ඔනි වුනෙම නෑ.එයා කතා කරද්දි මට හැරිලා ආපහු යන්න හිතුනත් මම හිත ගලක් කර ගත්තා.

මට සමාවෙන්න වෙයන් මැනික.උබෙ ඉස්සරහම මම වෙනි ගෑනියෙක් පෙරලගත්තට,ඒත් මන් කියලා මොනවා කරන්නද.අහිංසක උබ අද වෙනකම් විදෙව්වෙ ඒකි නිසා, මේ හැම ප්‍රශ්නයකට හේතු වුන ඒකිව අල්ලගන්න මට වෙන ක්‍රමයක් තිබුනෙ නෑ.
උබේ ඇගෙන් පිට උන හැම ලේ බිංදුවක් ගානෙම මම ඒකිගෙන් පලි ගන්නවා කුකී.ඉතිම් මට උබ ලඟට ආපහු එන්න බැරි උනත් උබ මම නැතුව සතුටින් ඉන්න ඕනි.

දොර ලඟ නැවතිලා කල්පනා කරපු මම ලොකු හුස්මක් උඩට අරන් පහලට දාලා ජිමින් හොබි එක්ක එලියට ආවා.
හැබැයි තාමත් කුකීගෙ කෑගැහිල්ල නැවතුනෙ නෑ.

"තේහියුන්ග් සර්"

"ඇයි හොබී හියුන්ග්"

"ඔයාට කියන්න දෙයක් තියෙනවා මට"

"මොකක්ද"

"ඒක මෙහෙම කියන්න පුලුවන් දෙයක් නෙමෙයි.ටිකක් දිග කතාවක්.ඔයා මියොන්සු ලඟට යන්න කලින් මේ කතාව ඇහුවොත් හොඳයි"

මම බැලුවෙ ජිමින් දිහා.ජිමින් හිටියේ හරිම හිස් බවකින්,ඒ වගෙම එයාගෙ ඇස්වල ලොකු දුකක් තිබුනා.

"ජිමින්...ජිමින්...මොන ලෝකෙද ඉන්නෙ"

"අහ්...ඔව්...අහ් යන් යන්"

"යන් යන් නෙමෙයි.හොබී හියුන්ග්ට දෙයක් කියන්න තියෙනවලු.ඒ වගෙම මටත් දැන ගන්න ඕනි හියුන්ග් ඇත්තටම කවුද කියලා."

"හියුන්ග් ඊට කලින් අපි ටේ ට බෙහෙත් ටිකක් අරගෙන ඉමුද"

ජිමින් හොබි හියුන්ග්ට කියද්දි

"ඒ මොකටද මට බෙහෙත්.මට ප්‍රශ්නයක් නෑ.අපි යමු හියුන්ග්."

ජිමින් දන්නවා මම ඉන්නෙ අමාරුවෙන් කියලා.ඒත් මට මේ වෙලාවෙ මගෙ ජීවිතේටත් වඩා වටින්නෙ කුකි නිසා.කුකීට ඉස්සරහට හොඳින් ජිවත් වෙන්න් ඔනිනම්,මියොන්සුව එයාගෙන් අයින් කරන්න ඔනි කියන දේ මගෙ ඔලුවට තදින්ම කා වැදිලා තිබුනා.ඉතින් මට තවත් බෙහෙත් ඔනි වුනෙ නෑ.මගෙ එකම බෙහෙත එකම සැනසීම මගෙ කුකී නිසා.

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now