Jungkook Pov.....
"ආව්....."
එක පාරටම වගේ මාව තල්ලු කරපු වේගෙන් ඔලුව බිත්තියේ වැදුනා..
උනුසුමට දැනුන නිසා අත ගාලා බැලුවම අතට දැනුනේ ලේ..
ඒත් එක්කම ලයිස්ට් ඔන් වුනා.
ඒක ටිකක් ලොකු කාමරයක්..ඒත් තිබුනේ මේසෙයකුයි පුටුවකුයි විතරයි.."Help...Help...Please Open The Door.."
දොරට කොච්චර ගැහුවත් දොර ඇරුනේ නැති නිසා මම බැලුවා ජනේලයක් තියෙනවද කියලා.ඒත් බිත්ති හතරෙන් වටවුන කාමරයක් මිසක් කිසිම එලියක් වැටෙන තැනක් තිබුනේ නෑ...
ඔලුවෙන් එන්න එන්නම ලේ ගලන නිසා මට ඔලුව කරකැවිල්ලක් ආවත් සිහියෙන් ඉන්න ගොඩක් උත්සාහ කරා..එතන තිබුන පුටුවෙන් වාඩි වුන මම ඔලුව මෙසේ උඩ තියාගෙන කල්පනා කරා..
"හියුන්ග්...මට හොඳටම විස්වාසයි ඔයා මාව දැක්කා කියලා.අනේ ඒත් ඔයා ආයේමත් ලෙඩ වෙලා...හියුන්ග් ඔයා මාව හොයාගන්නවා නේද.."
මම තනියම කියෙව්වා..
එදා මම සූබීන් යොන්ජුන් එක්ක ස්කූල් එකෙන් ආවෙ නැත්තේ මට ඕනි වුනේ මගේ හියුන්ග්ට මගේ අතින් කෑම හදලා කවන්න..ඒ නිසා මම කලින්ම ස්කූල් එකෙන් ආවත් ගේට් එකෙන් එලියට එනකොටම කවුරු හරි මාව ඇදලා අරන් වාහනයකට දා ගත්තා.හැබැයි මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ නහයට ලේන්සුවක් ඇල්ලුවා.ඊට පස්සෙ මට සිහිය තිබුනේ මගේ හියුන්ග් හිටපු හොස්පිටල් එක ලඟදියි..."ආශ්..මගේ ඔලුව පැලෙන්න වගේ.කවුරුත් නැද්ද"
හයියෙන් කතා කර ගන්න බැරි වුනත් මම කතා කලා.ඒත් කාගෙන්වත් කිසිම ප්රතිචාරයක් තිබුනේ නෑ..
මට මතක් වුනේ හියුන්ග්ව.
එයාට මාව අමතකනම් මට දැන් මේ ලෝකේ කවුරුත් නෑ නේද කියලා මට හිතුනා.
තනිවෙලා වගේ හැඟීමක් මට දැනෙද්දී මම කරේ වොශ් රූම් එකට රිංගපු එක.
යන්තන් වගේ ඔලුව රිදුනත් ෂවර් එක ඇරලා ඇඳුම් පිටින්ම බිම වාඩි වුනේ මුලු ඇඟම සීතල වතුරට ඔහෙ පෙගිලා යන්න දීලයි..
ඒ සීතල වතුර එක්ක මගේ කම්මුල් දිගේ උනුසුම් වතුර බිංදුත් ගලාගෙන ගියේ මටත් නොදැනිමයි."හියුන්ග්..මට ඔයාව ඕනි🥺"
එතනින් පස්සෙ මගේ කල්පනාව අවුරුදු ගණන් ඈතට දිව්වා..
.
.
.
.
.
.
.
.
.
.
.
.