🌸Chapter 11🌸

173 20 13
                                    

Jungkook Pov...

ඇදේ වාඩි වෙලා කල්පනා කර කර ඉන්න මගෙ ලඟට ආවේ සූබින් යොන්ජූන් දෙන්නා..

"කුකා..ඔයා මුකුත් කාලාත් නෑ.මේක කන්න"

මම කෑම ටික දිහා නිකන්වත් හැරිලා බැලුවේ නෑ.

"යොන්ජූන් හියුන්ග් දැන් ගොඩක් රෑ වෙලා.හියුන්ගී තාමත් නෑ.මට බයයි.මොනවද මෙ වෙන්නෙ"

"බය වෙන්න එපා හියුන්ග්ට මුකුත් වෙන්නෙ නෑ.නම්ජේ,ජිමින් දෙන්නම ඉන්නවනෙ"

සූබින් එහෙම කියනගමන් පුටු සෙටියෙ වාඩි වුනා..

"කවුද නම්ජෙ කියන්නෙ"

"නම්ජේ කියන්නෙ හියුන්ග් වැඩ කරපු ක්ලබ් එකෙ හිටපු ඕනර්.අපෙ හියුන්ග් ඔයාව හොයන්න බාර දුන්නෙ එයාට"

"එහෙමද.එතකොට ඔයාලා කොහොමද මෙහෙට ආවෙ"

"ඒක ප්ලෑනක් කුකා..අපේ හියුන්ග් ඔයාගෙ ගෙදර ආවට පස්සෙ ජිමින් හියුන්ග් එක්ක අපි මේ ප්ලෑන ගැහුවෙ.මුන් අල්ලගන්න තිබුන හොඳම ක්‍රමේ මේක නිසා."

යොන්ජූන් මගෙ කරට අතක් දාගන්න ගමන් කිව්වෙ.මන් හිතුවෙ හියුන්ග් හැමදේම දැනගෙන මේ දේවල් කරා කියලා.ඒත් ඒක එහෙම නෙමෙයි.මේක හදිස්සියෙ කරපු දෙයක්.ඒත් හියුන්ග් මුකුත් නොදැන මියොන්සු තියාගෙන ඉන්නවා කියන්නෙ ඒක ගොඩක් භයානකයි..මම ඉක්මනට හියුන්ගිට හැමදේම කියන්න ඔනි.

"යොන්ජූන්,සූබින් අපිට මෙහෙම ඉන්න බෑ හියුන්ග් තනියම ඉන්න එක භයානකයි.ඉක්මනට අපි එයා ඉන්න තැනට යන්න ඔනි"

"කු.කා...ඒ...ත්..මේ"

මන් කවුරුත් කියන එක අහන්නෙ නැතුව ගහලවලා තිබුන කමිසයත් අඳින ගමන් බයික් එකෙ යතුර අරන් පහලට ආවේ..

"සෑම් අන්කල්..සෑම් අන්කල්"

"ජන්ග්කුක් බේබි"

"ඉක්මනට යමු අපි"

"කොහෙද"

"ටේ ලඟට"

සෑම් අන්කල් මගෙ අතින් අල්ලගෙන එපා කියන්න වගෙ ඔලුව වැනුවා.

"මට යන්න දෙන්න අන්කල් අනෙ"

"සර් මන් කියන එක අහලා ඉන්න.තේහියුන්ග් සර් කිව්වෙ ඔයාලා කාටවත් යන්න දෙන්න ව්පා කියලා.එයා හැමදේම කරන්නෙ ප්ලෑනක් ඇතුව"

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now