🌸Chapter 12🌸

95 17 18
                                    

Jungkook Pov....

වෙඩි හඬට හියුන්ග් නැගිටලා මාව කවර් කර ගන්නකොට දොර පාමුල කෙසෙල් කඳක් වගෙ සෑම් අන්කල් මැරිලා වැටුනා.
හැමදේම වෙන්න ගියෙ තත්පර ගානක් වෙනකොට දොරෙන් ඇතුලට ආවේ නම්ජේ.හැබැයි පණපිටින්නම් නෙමෙයි.නම්ජේගෙ මළ කඳ ගේ ඇතුලට විසි කරනවත් එක්කම ඇතුලට ආවේ ජූසාන් එක්ක මියොන්සු.පිස්ටල් එක තිබුනේ මියොන්සු අතෙ නිසා ඒකිට ඒ වගෙ දෙයක් කරන්න පුලුවන්ද කියලා අපිට පුදුම හිතුනා..

හැමෝම බය වෙලා බලාගෙන ඉද්දි මියොන්සු ඇවිත් සෝපාවෙන් වාඩි වුනා.මම මියොන්සු ලඟට යන්න හැදුවත් හියුන්ග් මට එයා ලඟින් අඩියක්වත් හෙල්ලෙන්න දුන්නෙ නෑ.එයා බය උනා එයාට මාව නැති වෙයි කියලා..

"මිස්ටර් කිම් තේහියුන්ග් හෙවත් කිට්.දැන් මේ සෙල්ලම ඉවර කරන්න වෙලාව හරි"

කට කොනකින් සමච්චල් හිනාවකින් පිලිතුර දුන්න හියුන්ග්.

"අපි කිසි දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර කරන්න.ඉතිම් උබව ඉවර කරපන් හැපින්නි"

"තේහියුන්ග්..mind your language"

"Fuck..උබ හොදින් කතා කරන්නම වටින ගෑණියක්නෙ"

"හරි එවගෙන් වැඩක් නෑ.අද මේක ඉවරයක් කරමු. "

එහෙම කියලා මියොන්සු බෑග් එකකින් ලොකු කොල මිටියක් අරගෙන කෑම මේසය උඩින් තිව්වා...
ඒවා තිබුනෙම ඉංග්‍රීසියෙන් නිසා මට ඉක්මනට කියවන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
ඒත් මගෙ හියුන්ගෙ කොල පාට ඇස් දිලිසෙන්න ගත්තෙ එවයේ කදුලු පිරිලයි..
මොනවද වෙන්නෙ කියලා මට නොතේරුනත්.
අනිවාරෙන් මේ තමයි අපෙ ප්‍රොපටි වල දේවල් කියලා මට හිතුනා.

"අත්සන් කරන්න"

"උබ හිතුවද ගෑනියෙ උබ කියන පලියට මේ කොල අත්සන් කරන්න අපි ගොන්නු කියලා"

"ජිමින්....එපා.ඉන්න"

ජිමින් හියුන්ග් කේන්ති අරගෙන කෑ ගහද්දි හියුන්ග් එයාවත් නවත්තලා මියොන්සු ඉස්සරහින් පුටුවක් ඇදලා වාඩි වුනා.මමත් හියුන්ග් එක්කම ඉඳගත්තා.කොයිම වෙලාවකවත් මම හියුන්ගෙ අත ඇරියෙ නැති නිසා හියුන්ග් සැරින් සැරේ මගේ මූන දිහා බලලා ඇස් වලින් කිව්වෙ බය වෙන්න එපා මම ඉන්නවා කියලයි..
අපිට කිසිම දෙයක් කරන්න බැරි වෙන්න ජුසාන් පිස්ටල් එකක් දික් කරගෙන ඉද්දි අපිට උනෙ උන්ට ඔලුව පාත් කරන්න.

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now