🌸Chapter 07🌸

90 15 0
                                    

Author pov...

"හෙලෝ..හෙලෝ.ජිමිනා."

"මොකද බන් උදේම.නිදාගන්නවත් නෑනේ."

නිදිමරගාතේ ජිමින් ලෑන්ඩ් ලයින් එකට ආවේ උදේ 5ට ලන් වෙන්න වගෙ තියෙද්දියි.
ජිමින් ඈනුම් යවන ගමන් රිසිවරය කනේ තියාගෙන බිත්තියට හේත්තු වුනේ ඇස් දෙකත් පියාගෙන

"කුකී කතා කරා"

"ඈ..සිරාවටම

"ඔව් උබට පුලුවන්නම් දැන් වරෙම්"

තේහියුන්ගේ කටහඬ එන්න එන්න බාල වෙන බව ජිමින්ට තේරුනා.ජිමින් ෆෝන් එක කට් කරලා ඉක්මනට ඇදුමක් දාගෙන වොලට් එක විතරක් අරගෙන එලියට බැස්සා.

"බේබි කොහෙද යන්නෙ"

"නාරා මන් තේහියුන්ග් සර්ලගෙ ගෙදර යනවා පරිස්සමෙන් ඉන්න"

කොරිඩෝව වැකුම් කර කර හිටපු නාරාගෙ හිසත් අතගාලා ජිමින් එලියට බැස්සෙ වටෙන් පිටෙන් යන්තම් එලිය වැටීගෙන එද්දියි.

විනාඩි දහයක වගෙ දුරක් නිසා ජිමින් ඉක්මනට ආවා. එයා අතේ තිබුන තේහියුන්ගේ ගෙදර අමතර යතුරෙන් දොර ඇරලා තේහියුන්ගේ කාමරයට ගියේ අනිත් කොල්ලො දෙන්නා අහරවන්න බැරි කමටමයි.
එලිය වැටිලා තිබුනත් තේහියුන්ගේ කාමරය ගොඩක් කලුවර වෙලා තිබුනා.කර්ටන් එකවත් ඇරලා තිබුනෙ නැති නිසා ජිමින් ලයිට්ස් දාගෙන කෙලින්ම ගියෙ තේහියුන්ගේ ඇද ලඟට.

"ටේ...ටේ..උබ කොහෙද"

තේහියුන්ග් ඇදේ හිටියෙ නැති නිසා ජිමින් තේහියුන්ග්ට කතා කරා.බාතෲම් එකෙ බැල්කනි එකෙ හැම තැනම බැලුවත් තේහියුන්ග් හිටියෙ නැති නිසා ආපහු එන්න එනකොට ජිමින් දැක්කෙ එයාගෙ ෆෝන් එක ස්ටූල් එක උඩ තියෙනවා.අහම්බයක්ද කියන්න දන් නෑ ස්ක්‍රීන් එකෙ වැටිලා තිබුනෙ කෝල් එකක්..

"හෙලෝ"

"ජිමින් හියුන්ග්.නැගිට්ටද"

"ජන්ග්කුකා"

"ඔව් ඔව් international play boy ජන්ග්කුකා තමයි ඉතිම්"

"උබ අද දවසට කෝල් කී පාරක් ගත්තද බන්"

"රෑ එකයි.උදේ දෙකයි.ම්ම්ම්ම් දැන් එකයි හතරයිනේ"

ඒකෙන්ම ජිමින්ට තේරුනා ජන්ග්කුක්ගෙ කෝල් දෙකක්ම තේහියුන්ග් ආන්ස්ර් කරලා කියලා.ජිමින් මුකුත් නොකියා..

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now