🌸Chapter 10🌸

94 14 4
                                    

Taehyung Pov....

පොඩි එකෙක් වගෙ මගෙ උකුලෙ ඔලුව තියාගෙන ඉන්න කුකී දිහා මන් ඇස්පිය නොහලම බලාගෙන ඉදලා දැන් පැය ගානක් ගත වුනා.අපි රෑට කෑවෙත් නෑ.මගෙ කකුල් හිරිවැටෙන්න තරම් රිදෙනවා තුවාලෙ වේදනාවත් එක්කම.ඒත් මට කුකීව ඇහැරවන්න ලෝබ හිතුනා.රවුමටත් නැති දිගටත් නැති නහය ටිකක් දැන් ලොකු වුනාට පොඩි කාලෙ වගේමයි.ඇහි පිහාටු වල දග හරියට කෙල්ලෙක්ගෙ වගෙ.ලස්සනට එක සමානව තියෙන ඇහිබැම,පිරුනු කම්මුල්,රෝස පාට චූටි තොල්,හරියට බෝනික්කෙක් වගෙ.මගෙ ඇගිලි හිමින් සැරේ කුකීගෙ කොන්ඩෙ ඇතුලෙ උඩටහට පහලට ගියා.
සිනිඳුයි...
බෙල්ල ලඟට වැවුනු කොන්ඩෙ පිටිපස්සෙන් බැලුවම කොල්ලෙක් කියන්නත් බැරි තරම්.
ඇත්තටම අපේ ඔම්මා මෙච්චර ලස්සන කොල්ලෙක් හොයලා දුන්නෙ මටමද කොහෙද..
සූබීන් යොන්ජූන් එක්ක බැලුවම මම ගොඩක් වෙනස්,ඒත් කුකීයි මායි එක ඔම්මගෙ නොවුනත් අපි දෙන්නගෙ මූන ටිකක් සමානයි වගෙ මට හිතුනා.

එක කනකට කරාබුවකුත් දාලා.ලස්සනයි.හැබැයි කොලේජ් යන්න ඔනි වයසෙ කුකීට මෙහෙම ඉන්න උනෙ ඇයි කියලා මට හිතා ගන්න බැරි වුනා.
ඒක මගෙ වරදද
සමහරවිට වෙන්න පුලුවන්.
පොඩි කාලෙ මම

එයාට සැර නොවී ඉන්න තිබුනා.එහෙනම් කුකී මගෙන් ඈත් වෙන්නෙ නෑනෙ...

"හියුන්ගී..."

"අහ්...ඔහ්...අහ් කූ ඔයා නැගිට්ටද"

"ම්ම්ම්.වෙලාව කියාද"

"දැන් 10.30ද කොහෙද"

"මන් මෙච්චර වෙලා නිදාගත්තද හියුන්ගී."

"ඔව්නෙ මැනික.ඔයා සැපට දොයිනෙ මගෙ උකුලෙ.හියුන්ගිගෙ කකුල් දෙකත් හිරි වැටිලා"

එහෙම කිව්වා ගමන් ඉද්ද ගැහුවා වගෙ කුකී නැගිටලා

"අනේ සොරි හියුන්ගී.මට නින්ද ගියානෙ."

"ඒකට කමන් නෑ කූ.ඔයාට ඕනි තරම් වෙලා ඉන්න."

"ඇත්තමද"

"ඔව් මැනික.කෝ එන්න."

"ම්ම්ම්ම්...සනීපයි."

"හැබැයි මගෙ උකුලට වඩා ඔයාගෙ බෙඩ් එකෙ මෙට්ටෙනම් සනීපයි."

VILLAIN (TaeKook FF) COMPLETEDWhere stories live. Discover now