" ආ .. කොල්ලා... කොහොමද ඉතින්.... "
Seoul මානසික රෝග ඒකකයේ වෛද්‍ය කිම් ටේ හියුන්ගේ නම සඳහන් කාමරය ඇතුළට ආව තරුණයෙක් එයාට කතා කරා .. ඔළුව උස්සලා බලද්දි එයා දැක්කේ college යන කාලේ ඉඳන්ම එයාගෙ හොඳම යාළුවා උන කෙනා....
" ජන්කුකා.... උඹ???....හේ කාලෙකින් නේ...."
" ඔව්...පොඩි වැඩකට ආවා... ඉතින් ...උබ බලන්න ඉතින් අපිම එන්න එපැයි...කවදද කොරියා ආවෙ...."
ටේහියුන් එයාව සාදරයෙන් පිළිගෙන..room එකේ තිබුන sofa එක පෙන්නලා වාඩි වෙන්න ආරාධනා කරා .. අවුරුදු කීපයක් USA වල හිටපු ටේහියුන් එයාගෙ පලවෙනි මාරුවීම අරන් ආවේ Seoul මානසික රෝහලට... එයා මනෝවෛද්‍ය වරයෙක් ...
" මාස පහක් වගේ...මට මේ hospital එක තමයි හම්බුනේ...වැඩත් එක්ක හුස්ම ගන්න වත් වෙලාවක් නෑ ජන්කුකා..."
ජන්කුක්ට පොඩි හිනාවක් ආවේ හැමදාම වගේ ටේහියුන් තාමත් අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය එයා ගැන වත් නොහිතා කරන නිසා..
" patients ලා ගොඩක් ඉන්නවද.."
" ම්ම්ම්...ටිකක්....එක්කෙනෙක් වෙනුවෙන් මන් ටිකක් වැඩිපුර මහන්සි වෙනවා..."
ටේහියුන් ඒක කිව්වේ මූණ බිමට හරවගෙන...ඒ වගේම එයාගෙ මූණේ ලස්සන හිනාවක් පිරිලා තිබුණා ජන්කුක් දැක්කා..
" විශේෂ කෙනෙක් ද...."
" ඔව්... ආදරේ කරුණාව ගොඩක් ඕනි කෙනෙක්...එයාව control කරන්න පුළුවන් මටයි එයාව මෙහෙට භාරදුන්න කෙනාටයි විතරයි...අහිංසකයෙක්... "
ටේගේ මූණ වෙනස් උනා...ජන්කුක් කොහොමවත් හිතුවේ නෑ ඒ එයාගෙ රෝගියෙක් කියලා...ටේට මේ තරම් විශේෂ වෙන්න හේතුව දැනගන්න ජන්කුක්ට කුතුහලයක් ඇති උනා..
" ඕහ්... එහෙමද....මට ආසයි එයා ගැන දැනගන්න..."
" මමත් වැඩි දෙයක් දන්නේ නෑ...මන් මෙහෙට එද්දි එයා හිටියේ තනි කාමරයක..අහිංසක ලස්සන කොල්ලෙක්..පවුලේ කවුරුත් තාම ඇවිත් නෑ...වැඩේ කියන්නෙ ...එයාව මෙහෙට ගෙන්න කලින් කීප දෙනෙක් අතින් rape වෙලා තියනවා...දරුණු විදියට... මෙහෙට ගෙනාව කෙනා කියලා තියන්නේ පාරේ එයා සිහිය නැතුව ඉද්දි ඉක්මනට hospital අරන් ආවා කියලා...සිහිය ආව වෙලාවෙ ඉඳන් එයා කම්පනය නිසා මේ වගේ වෙලා තියෙන්නේ..."
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Romance상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️