දවස් ගාණක් යනකන් ජන්කුක් නිතරම හිටියේ එයාගෙ කාමරේට වෙලා..ජිමින්ගේ මූණ දිහා බලාගෙන හිනා වෙන්න වත් එයාට පුළුවන් උනේ නෑ...යුන්ගි සාමාන්‍ය විදිහට වෙනදා වගේම එයාගෙ වැඩ කරගෙන ගියා...ජිමින්ට ජන්කුක්ගේ මේ හැසිරීම ගැන ඇති උනේ ලොකු දුකක්..
කුකී එක්ක කතා කරන්න හිතාගෙනම ජිමින් එයාට කිරි වීදුරුවක් හදාගෙන කාමරේට ආවේ දොරට පොඩි තට්ටුවක් දාන ගමන්..
" කුකී... ඔයාගෙ කිරි එක..."
" ආ...හියුන් කතා කරා නම් මන් එනවා නේ..."
ජන්කුක්ගේ මේසෙ උඩින් වීදුරුව තියන ගමන් එයා කතා කරද්දී කුකී දිහා බැලුවා...තොල් ඇදෙන පුංචි හිනාවක් මූණේ පුරවගෙන කුකී බලාගෙන ඉන්නවා...
" ඒකට කමක් නෑ කුකී...ඔයා පහුගිය ටිකේ මගෙත් එක්ක වැඩි කතාවක් නැති නිසා මන් හිතුවේ ඔයා තරහින් කියලා.."
හුස්මක් පිට කරන ගමන් ජන්කුක් මේසෙට එහා පැත්තෙන් තියන ඇඳ උඩින් වාඩි වෙන්න ජිමින්ට ඉඩ දුන්නා..
" මෙතනින් වාඩි වෙන්නකෝ...මට පොඩි ප්‍රශ්න වගයක් තිබුණා... ඒකයි මට කතා කරන්න වත් බැරි උනේ... ඔයා එක්ක මන් තරහ වෙන්නේ ඇයි.... "
" මේ ගෙදර හැම වෙලාවෙම මන් වෙනුවෙන් ඉන්න එකම කෙනාත් මට කතා නොකර ඉද්දි ගොඩක් දුක හිතුනා කුකී... "
මූණ බිමට බර කරගෙන ජිමින් කතා කරද්දී කුකීට තේරුණා එයාව මගහැරුන එකෙන් උනේ ජිමින් හියුන්ගේ හිත තවත් රිදුන එක විතරයි කියලා.
" අනේ එහෙම හිතන්න එපා... මොන දෙයක් උනත් ඔයාට මන් ඉන්නවා හියුන්.. තේරුණා නේද.. "
ජිමින්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. එකෙන් ජන්කුක්ගේ හිත පිරිලා යද්දී කතාව වෙනස් කරන්න ඕනි කියලා එයා හිතුවා..
" හ්ම්... ඔව්..."
" හොඳ ලමයා.... ඉතින් මට කියන්නකෝ මන් දුන්න පොත කියවල ඉවර කරාද..."
" ඔව්...ඒක ගොඩක් ලස්සන කතාවක් කුකී...ඉඩ ලැබෙන හැම වෙලාවෙම මන් ඒක බැලුවා..."
ඉඩ ලැබෙන හැම වෙලාවකම කියන්නේ යුන්ගි club එකේ කෙල්ලො එක්ක room වලට ගිහින් හැමදේම කරගෙන ආපහු එනකන් කිසිම දෙයක් නොදැන බලාගෙන ඉන්න වෙලාව කියලා කුකී හොඳින්ම දන්නවා..මේ වෙන දේවල් ජිමින් දැනගන්න ඕනි කියලා දන්නවා උනත් කියාගන්න විදියක් නැතුව කුකීත් දැන් අසරණ වෙලා .
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Romance상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️