දවසක්ම ගත උනා....ඒත් එයාලා අතර කිසිම කතා බහක් ඇති උනේ නෑ....හියුන් හදපු උදේ කෑම එක විතරක් අරගෙන ජන්කුක් මුළු දවසම හිටියේ ඇඳට වෙලා..ජිමින් සැරින් සැරේට කුකීගේ කාමරේ බාගෙට ඇරල තියන දොර අස්සෙන් ඔලුව දාලා බැලුවේ කොයි වෙලාවක හරි එයා නැගිටලා එළියට එයි කියලා..
දවල් කෑම එකත් ජන්කුක් ප්‍රතික්ෂේප කරද්දී ජිමින්ට තවත් ඉවසගෙන ඉන්න අමාරු උනා..එයාගෙ ජීවිතේ අමාරු කාලෙදි ආදරෙන් බලාගත්ත යුන්ගිගෙ පුංචි සහෝදරයා මේ විදියට ඉන්න එක ජිමින්ට ලොකු වේදනාවක් උනා..කිරි දරුවෙක් වගේ නොකා නොබී ජන්කුක් මේ ඉල්ලන්නේ එයාට කොහෙත්ම නොගැලපෙන දෙයක් කියලා ජිමින් දන්න නිසාම දවසම නිශ්ශබ්දව ඉන්න එයා හිත හදාගෙන තිබුණා..
ඒත් ජිමින්ට ආත්මාර්ථකාමී වෙලා අහක බලාගෙන ඉන්න පුළුවන් උනෙත් නෑ..ජන්කුක්ව දකින වරායක් වරායක් ගානේ පපුව ඇතුලේ මහා අමුතු රිදීමක් මතු වෙන්න ගත්තා...වෙනදාට තමන්ගේ ඉස්සරහින් මොහොතකට වත් අයින් වෙලා ඉන්නේ නැති කුකී අද එක පාරක් වත් තමන්ගේ මුණ දිහා නොබලා ඉන්න එක ජිමින්ට තදින්ම දැනුනා..මුළු ගෙදරම මහා මූසල තනිකමකින් පිරිලා... බලන් ඉන්න බැරි තැන හවස් වෙලා කුකීගේ කැමතිම කෑම වර්ග කීයපයක්ම හදල මේසේ ලෑස්ති කරලා ජිමින් කුකීගේ කාමරේට එබුනා..
බාගෙට ඇරල තියන දොර සම්පූර්ණයෙන්ම අරගෙන ඇතුළට කෙනෙක් එන සද්දෙ ඇහුන ගමන් ජන්කුක් අනික් පැත්ත හැරුණේ ඇස් තදින් පියාගෙන..පපුව ඇතුලේ ආයිමත් සියුම් රිදීමක් මතු උනත් ජිමින් තමන්ගේ අඩිය පස්සට ගත්තෙ නෑ..එයා කුකීගේ ඉස්සරහින් හිටගෙන ටිකක් පහත් වෙලා මුණ පුරා විසිරිලා තියන කුකීගේ කෙස් ඇඟිලි තුඩු වලින් අයින් කරන ගමන් හෙමින් කතා කරන්න ගත්තා ..
" කුකී...ඔයා නිදි ද...මං කෑම හැදුවා..එන්න යමු.."
මේ අනුකම්පාව ආදරයක් උනා නම් මේ ලෝක වැඩිපුරම සතුටින් ඉන්න එකම මනුස්සයා තමන් කියන එක ජන්කුක්ට හිතුනා..ජිමින්ගේ උණුසුම් ඇඟිලි තුඩු වලින් දැනෙන සුවය එයාගෙ ආත්මයම ටිකෙන් ටික වෙලාගන්නවා කුකීට දැනුනා..ඒත් ඒක එයාට අයිති කරගන්න බැරිවුණ එක මතක් උන ගමන් ජන්කුක් අකැමැත්තෙන් උනත් හියුන්ගෙ අත ඉවත් කරලා දැම්මා...
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Roman d'amour상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️