🖇 Chapter 11

59 12 11
                                    

  මතක තවත් ලස්සන කරමින් කාලය හෙමින් ගත උනා...ජිමින් කුකී ළඟට ඇවිත් අවුරුද්දක් පමණ කාලයක් මේ වෙද්දි ගෙවිලා අවසන් උනා...ජන්කුක්ගෙ හිතට එක අතකින් ලොකු සහනයක් දැනුනේ ජිමින් දැන් සම්පූර්ණයෙම සුව අතට හැරිලා අවසන් කියලා ටේහියුන්ගෙ වෛද්‍ය වාර්තා වලට අනුව දැනගන්න ලැබුන එක නිසා...තවත් අතකින් එයා දුක් උනේ ඉස්සර වගේ ජිමින් ළඟට වෙලා ආදරෙන් ඉන්න දැන් බැරි බව දන්න නිසා..

     ජිමින්ගෙ බරින් ටික ටික නිදහස් වෙද්දි ජන්කුක්ට රාජකාරි කටයුතු වලට වැඩි අවධානයක් දෙන්න පුළුවන් උනා...මේ නිසාම හොඳ ආයතනික සේවකයෙක් විදිහට ජන්කුක් ඉක්මනින් තමන්ගේ ගමන ඉක්මනට ඉස්සරහට ගියේ හැමෝගෙම හිත් දිනාගෙන..ඉඳහිට හරි ජන්කුක්ගෙ අප්පා එයාල බලන්න එන එක කුකීට තවත් සහනයක් ලබා දෙන දෙයක් උනා...

    මේ වෙද්දි ජිමින් එයාලගෙ පුංචි apartment එකේ හැම වැඩක්ම තනියම කරන්න ගත්තෙ කුකීට තවත් පොඩි හරි බරක් නොවී ඉන්න...උදේම නැගිටලා කුකීට කෑම හදන්න,  ආපහු ගෙදර ආවම කෝපි කෝප්පයක් එක්ක ජිමින් ආසාවෙන් හදපු කෑමක් පිළිගන්වන්න , කුකීගෙ ඇඳුම් එයාගෙන් බැනුම් අහගෙන හරි හෝදන්න, මේ වගේ වැඩ ගොඩක් එයා කැමැත්තෙන්ම කරන්න පුරුදු වෙලා හිටියා...අදත් ඒ වගේම දවසක්..

   ජන්කුක් ටයි පටිය හදන ගමන් කාමරයෙන් එළියට ආවා..

" කුකී...ඔයාගෙ කෑම එක ලෑස්ති කරා..එන්න කන්න
.."

" හියුන් ... මං එන්නම්..."

    මුළු ගෙදරම සුවඳ කරන හියුන්ගෙ රසම රස කෑම කීපයක් පිලිවෙලට අහුරලා තියන මේසේ ළඟට ගිහින් ජන්කුක් වාඩි වෙලා බෙදාගන්න ගමන් එයාගෙ ඉස්සරහින් හිටගෙන ඉන්න ජිමින් දිහා බැලුවා...

" ඔයා කන්නේ නැද්ද..."

" මන් පස්සෙ කන්නම් කූකී.. "

" එහෙම බෑ එන්න දැන් කන්න..."

" ම්ම්.."

   කුකීගේ බල කිරීමට වාඩි උනත් ජිමින් එයා කාලා ඉවර වෙනකන් කිසිම කෑමක් නොකා බලාගෙන හිටියා...කෑම කාපු plate එක අරගෙන නැගිටලා යන්න යද්දී ජිමින් එයාව නතර කරගත්තා...

 Angel With Broken Wings  | [ Completed ]Where stories live. Discover now