" කුකී...ලෑස්ති වෙලා ඉවරයිද..."වෙනදා වගේම උදෙන්ම නැගිටලා ජන්කුක්ගෙ කෑම ලෑස්ති කරලම ජිමින් එයාගෙ කාමරේ ළඟට ආවා..කුකී තාම ලෑස්ති වෙන නිසා එක පාරම කාමරේට යන එක හොඳ දෙයක් නෙවෙයි කියලා හිතුන නිසා ජිමින් වහලා තියන දොරට තට්ටු කරලා ඇහුවා..
" එන්න ඇතුලට..."
කාමරේ ඇතුලෙන් ඇහුනේ කුකීගේ හඬ..දොර ඇරගෙන එයා කාමරේට යද්දී කුකී කන්නාඩි ඉස්සරහට වෙලා ටයි පටි කීයපයක්ම අතේ තියාගෙන එකින් එක තෝරලා බලනවා...කන්නාඩියේ ප්‍රතිබිම්බයෙන් පේන කුකීගේ මූණෙන් දැක්කේ හරිම අවුල් සහගත බවක්...හරියට ගැලපෙන ටයි පටියක් හොයාගන්න බැරි තැන එයා අතට අහුවෙන එකක් බෙල්ල වටේ දාලා හදන්න යද්දීම ජිමින් එයාගෙ ඉස්සරහට ආවා...
" ම් කුකී...ඕකට වැඩිය මේක ඔයාට ලස්සන වෙයි..."
" මාව මෙහෙම ලස්සන කරලා යවන්න ඔයාට බය නැද්ද..."
ටයි පටිය ගැට ගහන ජිමින් දිහා බලාගෙන එයාගෙ සිහින් ඉණ වටේ අත් යවලා තවත් ළඟට ගන්න ගමන් ඇහුවා...ජන්කුක්ගේ උණුසුම් හුස්ම නොදැනුවත්වම එයාගෙ මූණ සිප ගන්න නිසා ජිමින්ගේ කම්මුල් හොඳටම රතු වෙන්න අරන් තිබුණේ එයාටත් හොරෙන්ම.. මේ වගේ දේවල් වලින් ජිමින්ගේ හිතේ ආගන්තුක හැගිම් නිතරම පුරවන්න කුකී දක්ෂ උනා වගේම ඒ හැම හැගීමක්ම අකැමැත්තෙන් උනත් අමු අමුවේ මරලා දාන්න ජිමින් වග බලාගත්තා..
" කුකී...මන් කෑම ලෑස්ති කරලා ආවේ..ඉක්මනට ගියොත් උණුවෙන්ම කන්න පුළුවන්.."
" හ්ම්..යමු.."
ජිමින්ට ඉස්සර වෙන්න ඉඩ දීලා කුකී එයාගෙ පස්සෙන් ඇදුනෙ පුංචි kitchen එකට.. හැමදාම වගේ අදත් කුකී ආසම කෑම හැම එකක්ම පුංචි මේසේ උඩ ලස්සනට තියලා තිබුණා...
ඉක්මණින් වාඩිවෙලා කෑම බෙදාගන්න යද්දී ජිමින් එයාට හවුල් උනා...
" ඔයා කන්නේ නැද්ද..."
" මට බඩගිනි නෑ කුකී...තව ටිකකින් කන්නම්.."
කීප දවසක ඉඳන්ම ජිමින් උදේ කෑම එක ජන්කුක් එක්ක ගන්න එක ප්‍රතික්ෂේප කරමින් තිබුණා..ජන්කුක්ට ඒක ප්‍රශ්නයක් උනත් ඒ ගැන අහන්න ගිහින් ආයිමත් ජිමින්ගේ හිත රිද්දන්න වෙයි කියන බයට නිශ්ශබ්දව ඉන්න තිරණය කරා..හැමදාම වගේ ජිමින් කුකීට ප්‍රමාණයටත් වඩා කෑම බෙදන නිසා සැලකිය යුතු ප්‍රමාණයක් අහක දාන්න එයාට සිද්ධ උනා...
YOU ARE READING
Angel With Broken Wings | [ Completed ]
Romance상처받은 마음은 사랑으로 가득 찬 또 다른 마음으로만 꿰매고 아름답게 칠할 수 있습니다... ❤️❤️