🖇 Chapter 14

73 13 21
                                    

" කුකී ඔයා කලින්ම.."

උදේ ගෙදරින් පිට වෙලා යද්දි තිබුණ ලස්සන හිනාව ආයිමත් ගෙදර එද්දි දැක්කම ජන්කුක්ට දවසේ හැම මහන්සියක් නැති වෙලා ගියා..ජිමින් වෙනුවෙන් ගත්ත mini cake එක තිබුණ පුංචි box එක කුකී එයාට දුන්නා...

" ම්...මේක...ඔයාට ගෙනාවේ.."

ජිමින් ආසාවෙන් box එක ඇරලා බැලුවා..ඒකෙ ඇතුලේ පුංචිම පුංචි ලස්සන cake එකක්..තිබුණා වගේම පරිස්සමට ආයිමත් වහලා ජිමින් දුවගෙන ගිහින් cake එක මේසේ උඩින් තියලා ඉක්මණින් ජන්කුක් ළඟට දුවලා ඇවිත් එයාගෙ බාහුවෙන් අල්ලගෙන තමන්ගේ පපුවට ලං කරගෙන ජිමින් කුකීගේ මූණ දිහා බැලුවා..

"මහන්සි ද...wash දාලා ඉක්මනට එන්න මන් මගේ කුකීට රසම රස Coffee එකක් හදන්නම්.."

" මම්...මොකක්ද...මට ඇහුනේ...මන් ඔයාගෙ....ඇත්තටම ද ඒක...."

කුකී ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන ජිමින් දිහා බලාගෙන ඉන්නවා..වෙනදට ළඟට එද්දී එයාගෙන් ඈතට යන්න හදන කෙනා අද ලඟින්ම ඉන්න හදන හැටි දැක්කම ජන්කුක්ට කියාගන්න බැරි තරම් සතුටක් ඇති උනා...

" හ්ම්...ඔයා ...තාමත් මට ආදරෙයි නම්....ඔයා මගේ විතරමයි කියලා මට හිතන්න පුළුවන් නේද කූ...."

ජිමින්ගේ ඇස් බිමට බර උනේ ලැජ්ජාවෙන් යටි තොල හපාගෙන ලේ පිරෙන රෝස කම්මුල් හංගන්න වගේ..පුංචි උරහිස් තමන්ගේ අත් වලින් ග්‍රහණයට ගන්න ගමන් ජන්කුක් එබුනේ අසිහියෙන් , පුදුමයෙන්..

" දෙවියනේ... මන් මේ අහන්නේ මොනවද රත්තරනේ ...කියන්න.. මන් මේ හීනෙක නෙවෙයි නේද ඉන්නේ...."

කුකීගේ අත් තමන්ගේ උරහිස් වලින් ඉවත් කරලා සිහින් ඉණ දෙපැත්තෙන් තියලා ජිමින් එයාගෙ අත් කුකීගේ උරහිස වටේට යවන ගමන් ලං උනා..

" ම්හ්ක්...මට සමාවෙන්න කුකී..ඔයාගෙ ආදරේ මෙච්චර දවසක් ප්‍රතික්ෂේප කරලා මන් කරේ ලොකු වැරද්දක්..ඔය ආදරේ මට ඕනි කුකී..මට ඔයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ඕනි..අපිට පුළුවන් නේද "

කුකී ජිමින්ගේ තොල් පෙති වලට ගෑවෙන නොගෑවෙන තරමින් ලං වෙලා හෙමින් මුමුණන්න ගත්තා..

 Angel With Broken Wings  | [ Completed ]Where stories live. Discover now